පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවල වගඋත්තරකාර පාර්ශ්වයන් අතර තිබුණු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම, ඔහු වත්මන් ජනාධිතිවරයා වන නිසා ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරලා තියෙනවා.
රනිල් වික්‍රමසිංහගේ නම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ගොනු කර තිබුණ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක වගඋත්තරකාර පාර්ශ්ව අතර තිබුණේ, ඔහු ජාතික ආරක්ෂාව නොතකා හරිමිනි අගමැති තනතුරේ වගකීම් පැහැරහැරිය නිසා.
රනිල් වික්‍රමසිංහ 2018 වර්ෂයේ අග සිට ආරක්ෂක කවුන්සිල් රැස්වීම්වලට සහභාගී වී තිබුණේ නැහැ. ඒ ගැන විමසුවාම ඉතා සැහැල්ලු ලෙස ඔහුගේ ප්‍රතිචාරය වී තිබුණේ තමන්ට ආරාධනා නොලැබුණ බව. එහෙත්, ආරක්ෂක කවුන්සිලය කියන්නේ සාදයක් හෝ මංගල්‍ය උත්සවයක් නෙවෙයි. ඒවාට සහභාගී වීම ඔහුගේ වගකීමක්. ජාතික ආරක්ෂාව ඔහුගේ තනතුරට අදාල වගකීමක්.
අද කමල් ගුණරත්න සහ දේශබන්දු තෙන්නකෝන් වැනි අය සමග එකතු වී තමන්ගේ පුද්ගලික දේශපාලන ආරක්ෂාවත්, ජනතාවගෙන් පළිගැනීමේ උමතුවත් ‘ජාතික ආරක්ෂාව‘ විදියට ලේබල් කරමින් සිටින රනිල් වික්‍රමසිංහ එදා පාස්කු ප්‍රහාරය එල්ලවෙද්දී ජාතික ආරක්ෂාව ගැන කිසිම වගකීමක් නැතිව ක්‍රියා කළා.
ඉන් එහාට ගිහින් පාස්කු ප්‍රහාරයට රනිල්ගේ වගකීම තවත් පැති ගණනාවකට යොමු වෙනවා. සමහර ඒවා නීතිමය වැරදි නොවෙන්න පුළුවන්. එහෙත්, 2014 ජුනි මාසයේ අලුත්ගම දර්ගා නගරයට පහරදීමත්, ඉන්පසු අවස්ථා ගණනාවකදී ඔහුගේ සහ එකල පොලීසිය භාර ඇමති සාගල රත්නායකගේ පාලනය යටතේ මුස්ලිම් ජනතාවට ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමත් නිසා මෙරට මුස්ලිම් ජනතාවගෙන් සුළු පිරිසක් අතර ලෙහෙසියෙන් අන්තවාදය පැතිරවීමට සරු පසක් නිර්මාණය වී තිබුණා. අන්තවාදී කණ්ඩායම්වල සාර්ථකත්වයට එය උදව්වක් වී තිබුණා.