මෙරට සිවිල් නීතිය හා සාමය රැකීමට අදාල මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නොවන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන, රනිල් වික්‍රමසිංහගේ මර්දන සට්ටැඹි කමල් ගුණරත්න විසින් රටේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් පසුගිය සමයේ ආරක්ෂක අංශ හැසිරුණු නින්දිත ආකාරය සාධාරණීකරණය කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා.
මේ වෙද්දී සාමාන්‍ය ජනතාවට පහරදෙමින් රජය ගෙනයන අධම ක්‍රියාකලාපයට දැඩි මහජන විරෝධයක් ඇති නිසා, ඒක සාධාරණීකරණය කරන්නට ඔහු එහිදී අසාර්ථක උත්සාහයක යෙදුණා.
‘උද්ඝෝෂණ හා විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න හැකියාව තියෙනවා‘ යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළා. ප්‍රතිවාදීන්ගේ දණිස්සෙන් පහළට වෙඩි තියන්න කතා කරපු කමල් ගුණරත්න උද්ඝෝෂණවල ප්‍රජාතන්ත්‍රවාදය මනින්නේ අහවල් මිම්මෙන්ද කියලා තමයි අපි අහන්නේ. දැන් ‘ප්‍රජාතන්ත්‍රවාදී‘ කියන එක කමල් ගුණරත්න මනින්නේ කොහොමද? අනෙක එයාට ඒ සඳහා තියෙන අයිතිය මොකක්ද? ඔහු පොලීසිය භාර අමාත්‍යාංශයක ලේකම් නෙවෙයි.
පසුගිය කාලයේ සිදුවීම් ගැන කතා කරද්දීත් ඔහු සැබෑ සිදුවීම් ගණනාවක් තමන්ගේ හාම්පුතුන්ගේ පටු දේශපාලන වුවමනා වෙනුවෙන් විකෘති කළා.
‘මිනීමැරීම්, ගිනිතැබීම් සිය ගණනක් ඇති වුණා‘ යනුවෙන් ඔහු එහිදී බරපතල ව්‍යාජ ප්‍රකාශයක් සිදු කළා. එයින් හැඟවුණේ මෙරට සිය ගණන් මිනීමැරීම් පවා සිදු වූ බව. එහෙත්, මිනීමැරීම් ගණයේ බරපතල අපරාධ සිදු වුණේ මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුළු පිරිසකගේ ත්‍රස්තවාදී ක්‍රියාවකට මහජනතාව දැක්වූ ප්‍රතිචාරයක් ලෙස. ඊට පෙර හෝ පසු සිය ගණන් මිනීමැරීම් ගණයේ බරපතල සිදුවීම් ඇති වුණේ නැහැ.
මෙරට පසුගිය කාලය තුළ වැඩිම මරණ සිදුව ඇත්තේ එක්කෝ ආණ්ඩුවේ දූෂිත, අක්‍රමික සහ නාස්තිකා වැඩවල ප්‍රතිඵලයක් ලෙස කොවිඩ් වසංගතයෙන්, තෙල් පෝළිම්වල මරණ, ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ මරණ මෙන්ම පොලීසියේ අසමර්ථකම මත පසුගිය කාලයේ සිදුව ඇති අපරාධ. මරණ සංඛ්‍යාව අතින් ගත්තොත් ආණ්ඩුවේ අසමත්කම නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව අතිවිශාලයි.
‘මහජනතාව අහන්න පටන්ගත්තා කෝ මේ රටේ නීතිය, කෝ මේ රටේ ආරක්ෂාව, කෝ අපට ආරක්ෂාව‘ යනුවෙනුත් කමල් ගුණරත්න ප්‍රකාශයන් සිදු කළා. අපිත් ඒ මහජනතාව අතර සිටින නිසා අපි පිළිගන්න ඕනෑ මහජනතාව එවැනි විමසීම් කරපු බව. හැබැයි ඒ විමසීම කරමින්ම තමයි මිනිස්සු විරෝධතා කළේ. කෝ තෙල් පෝළිම්වල මැරුණ ජනතාවට ආරක්ෂාව? ඒවා මිනීමැරුම් නෙවෙයිද? කෝ බඩගින්න, ඖෂධ නැතිකම, මන්දපෝෂණය නිසා අහිමිවුණ ජනතාවගේ ආරක්ෂාව? යනුවෙන් මිනිස්සු විමසුවා.
එසේ විමසා පාරට බහින මිනිස්සුන්ට පහරදුන්නා. වෙඩි තිබ්බා. වෙඩි තැබීම්වලින් චමින්ද ලක්ෂාන් වැනි අය මැරුණා. දැන් රසායනික අවි ලෙස සලකන්න සිදුවෙන විෂ සහිත කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළා. අන්තිමේ දේශබන්දු තෙන්නකෝන්ලාගේ සහ පොලීසියේ අනුග්‍රහය මැද මැයි 9 වැනිදා ගෝල්ෆේස් එකේ යුක්තිය ඉල්ලපු මිනිස්සුන්ට ගැහුවා. ඉතින්, මිනිස්සු ඇහුවා තමයි කෝ ආරක්ෂාව කියන ප්‍රශ්නය.
හැබැයි කමල් ගුණරත්න ඒ ප්‍රශ්නය අර්ථකතනය කරන්නේ තවතවත් මිනිස්සුන්ගෙ ආරක්ෂාව අහිමි කරන්න. මිනිස්සුන්ට ගහන්න. රට වනසපු පාලකයන් සුළුතරයක් තවතවත් රකිමින්, වන්දිභට්ටකම් කරන්න. ඉතින්, ප්‍රශ්නය අහපු මිනිස්සුන්ට තවත් ගැහුවාම ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.
‘නීතිවිරෝධී ලෙස හැසිරෙන අය, නීති කඩන අය, මහජනතාවට අවහිරයක් ලෙස හැසිරෙන අය‘ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග කරගෙන යනවා කියලාත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කීවා. ඔහු පොලීසය භාර නිලධාරියෙක් නෙවෙයි. පොලීසිය ඔහු සතු වගකීමකුත් නෙවෙයි. ඔහුගේ රාජකාරිය තියෙන්නේ වෙන කලාපයක. ඒ නිසා ඔහු දන්නේ නැතිව ඇති පොලීසිය කරගෙන යන දේවල් අනීතික බව. ඔහු සැප්තැම්බර් 24 සාමකාමී විරෝධතාකරුවන්ට එල්ලකරපු පොලිස් ප්‍රහාරය ගැන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගිය විභාගය දුටුවානම් පොලීසිය කරන්නේ ‘නීතිමය පියවර‘ නොවන බව දැනගන්න තිබුණා. අධිකරණය තුළ පොලීසියට කටඋත්තර නැතිවෙන ආකාරයෙන් නීතිඥවරුන් පැහැදිලිව තහවුරු කළේ පොලීසිය සම්පූර්ණයෙන් අනීතික බව.
පොලීසියේ වගකීම ‘රාජකාරිය මහජනතාවට නිදහසේ ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් ඇති කිරීම‘ කියලා නැවත වතාවක් තමන්ට අයිති නැති ආයතනයක වගකීම පිළිබඳ කමල් ගුණරත්න කතා කරනවා. අනෙක ‘මහජනතාව‘ කියන්නේ මොකක්ද? ‘නිදහස‘ කියන්නේ මොකක්ද? කිමයන ප්‍රශ්න ඇහුවානම් කමල් ගුණරත්නට උත්තර නැති වෙනවා.
ඊට අමතරව උද්ඝෝෂණ, රැස්වීම් සඳහා අවසර ගැනීමේ දශක ගණනාවක සම්ප්‍රදායක් තිබුණ බවත් ඔහු වැරදි ප්‍රකාශයක් සිදු කරනවා. අටසිය ගණන්වල සුද්දා හදපු පැරණි නීතිවල තිබෙන සමහර කරුණු ඊට පස්සේ ආපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු නූතන නීතිවලිනුත්, නූතන නඩු තීන්දුවලිනුත් ප්‍රතිසංශෝධනය වෙලා තියෙනවා. ජනඝෝෂා නඩුවේ සිට තවත් බොහොමයක් නඩු තීන්දුවල පැහැදිලිව උද්ඝෝෂණයේ අයිතිය සඳහන් වුණා. විශේෂයෙන්ම කලින් දැනුම් දුන්නෑ කියලා උද්ඝෝෂණවලට බාධා කරන්න බැරි බව දුන්න ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුත් තියෙනවා.
ඒ නීතිය විකෘති කරමින්, කමල් ගුණරත්නගේ රැවුළට යටින් කටක් තියෙන නිසා තමන්ගේ හිතලු රටේ නීතිය ලෙස ඔහු ඉදිරිපත් කරමින් ඉන්නවා. අප නැවතත් සිහියට නඟාගත යුත්තේ ඔහු රටේ නීතිය අර්ථකතනය කරන්නට සුදුසු නීති විශේෂඥයෙක් හෝ සිවිල් නීතිය සහ මහජන සාමය රකින පොලීසිය භාර නිලධාරියෙක් නොවන බව.
පොලීසියේ සම්පත් අවභාවිතන කරමින් පාලකයන් සුළුතරයක් රකින්න තමන්ගේ තනතුරුවල සීමාවෙනුත් පිට ගිහින් මේ විදියට හැසිරීම ගැන මේ වෙද්දීත් තියෙන්නේ ජනතා පිළිකුළක්. කමල් ගුණරත්න කියන්නේ දැවැන්ත පිළිකුලකට ලක් වූ මහජන සේවකයෙක්. තමන් මහජන සේවකයෙක් කීවාට, තමන් මහජන සේවකයෙක්ද කියලත් ඔහු දන්නේ නැතිව ඇති.