අධිආරක්ෂක කලාප හකුළාගන්න, මානව හිමිකම් කොමිසමෙන් ඓතිහාසික නිර්දේශයක්!

Heavily-armed Sri Lankan army commandos ride a motorcycle during special cordon-and-search operations in Colombo on May 25, 2019. - Sri Lanka's military launched a major hunt on May 25 for remnants of an Islamist group which carried out the Easter suicide bombings that killed 258 people, officials said. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP) (Photo by LAKRUWAN WANNIARACHCHI/AFP via Getty Images)

රාජ්‍ය රහස් පනත යටතේ අධිආරක්ෂක කලාප හඳුන්වාදීම බරපතල මානව හිමිකම් උල්ලංඝනයක් බව පෙන්වාදෙමින් එය ඉවත් කරගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට නිර්දේශ නිකුත් කර තිබෙනවා.

මෙය ජනතාවගේ අයිතිවාසිකම් රැකීම වෙනුවෙන් විධායක ජනාධිපතිගේ අත්තනෝමතික සහ අනීතික තීන්දුවකට එරෙහිව තීන්දුවක් ලබාදුන්, මානව හිමිකම් කොමිසම දුන් ඓතිහාසික නිර්දේශයක්.

මේ පිළිබඳ සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමේ සභාපතිනියගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

නීති පැනවීමේදී ජාත්‍යන්තර සහ දේශීය මානව හිමිකම් ආරක්ෂා වෙන ආකාරයට එය සිදුකිරීමට පියවර ගන්නා ලෙස එමගින් වැඩිදුරටත් නිර්දේශ කර තිබෙනවා.