රාජ්‍ය නිල රහස් පනතේ දෙවැනි වගන්තිය යටතේ බව කියමින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අධිආරක්ෂක කලාප නම් කරමින් නිකුත් කරපු අතිවිශේෂ ගැසට් එකෙන් මානව හිමිකම් උල්ලංඝනය වෙන බව පෙන්වාදෙමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදු කර තිබේ.
රාජ්‍ය රහස් පත අනුව යම් නිශ්චිත ස්ථාන තහනම් කිරීමට බලය ඇතත්, විශාල ප්‍රදේශයක් අධිආරක්ෂක කලාප ලෙස නම් කිරීමට බලයක් නොමැති බවත්, එම පනතේ නොමැති අලුත් වැරදි නිර්මාණය කිරීමට නීති සම්පාදන බලයක් නොමැති ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කර ඇති බවත් එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.
එම හුදු ගැසට් නිවේදනය මගින් මෝටර් රථ ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු පනත් ගණනාවක් සංශෝධනයට ලක් වී ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.
ගැසට් නිවේදනයක් මගින් රටේ නීති සංශෝධනය කිරීමේ බලයක් ජනාධිපතිවරයාට ඇත්තේ නැත. විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බලපෑම් කිරීමේ හැකියාවක් නොමැත.
එම නිසා එම ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසත්, එම නිවේදනය අනුව ක්‍රියා නොකිරීමටත් නිර්දේශ කරන ලෙස පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.