නල්ලමලේ ආරක්ෂක කලාපෙක, නීතිඥවරු විරෝධයක් පවත්වයි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක ඇමති ලෙස නිකුත් කරපු ‘අධිආරක්ෂක කලාප‘ ගැසට් පත්‍රයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ප්‍රමුඛව නීතිඥවරුන් පිරිසක් සැප්තැම්බර් 27 දහවල් 1ට විරෝධයක් පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.

ඒ අනුව නල්ලමලේ ආරක්ෂක කලාපයක් තුළම එම විරෝධය පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳ මා්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබෙන්නේ කොළඹ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අධිආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීම අප්‍රසාදයෙන් හෙළා දකින බවත්, එය කිසිම කාලීන අවශ්‍යතාවකින් තොරව සිදුකළ බවත්, නීතියේ ආධිපත්‍යය කෙරෙහි අනිසි බලපෑමක් එයින් සිදුවනු ඇති බවත්.