රනිල් වික්‍රමසිංහගේ ෆැසිස්ට්වාදී ඔලුවෙන් හැදිච්ච හිතට එන ඕනෑ බයිලයක් නීතියක් කළ හැක‘ කියන සංකල්පය යටතේ දාපු අධිආරක්ෂක කලාප පිළිබඳ උමතු ගැසට් එක ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් නීතිඥ ඉසුරු බාලපටබැඳිගේ නිවේදනයක් දාලා තියෙනවා.
මිනිස්සුන්ගෙ ඡන්ද නැති වියපත් මහල්ලෙකුගෙ උමතුව නීතියක් බවට පත් කරන්න ගත්ත උත්සාහයට එරෙහිව තමයි මේ නිවේදනය නීතිඥ සංගමය දාලා තියෙන්නේ.
සරලව නීතිඥ සංගමය පෙන්වලා තියෙන්නේ ඔය කියන ගැසට් එක නීතිවිරෝධීයි කියලා. ඒ වගේම මේකට එරෙහිව නීතිමය පියවර ගැනීම වෙනුවෙන්, මේ ගැන ‘ප්‍රවේශමෙන් අධ්‍යනය කරමින් සිටින බව‘ නීතිඥ සංගමය නිවේදනයේ සඳහන් කරලා තියෙනවා.
ජනඝෝෂා කියලා ප්‍රසිද්ධ වූ සුප්‍රකට 1993 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ උපුටනයකුත් මෙම නිවේදනයේ තියෙනවා. ඔරිජිනල් සිංහල තීන්දුව නොදන්නා නිසා නිවේදයේ සඳහන් උපුටනයේ සරල සිංහල තේරුම සඳහන් කළොත්, ‘අද දිනයේ නිත්‍යානුකූල, සාමකාමී ප්‍රකාශනයන්ට සීමා දැමීමෙන් සිදු විය හැකි එකම දෙය අනාගතයේ දිනෙක හිංසනයේ දරුණු පුපුරායෑමකි.‘
සැප්තැම්බර් 23 සිකුරාදා දිනැතිව අධිආරක්ෂිත කලාප පිළිබඳ සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍යවරයා විදියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අත්සනින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ගැන තමයි නීතිඥ සංගමය සිය නිවේදනය දාලා තියෙන්නේ.
‘මෙම නියෝග 2022 අංක 01 දරන අධිආරක්ෂක කලාප නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.‘ කියලා ආරම්භ වෙච්ච මේ ගැසට් නිවේදනය, 1955 අංක 32 රාජ්‍ය රහස් පනතේ 2 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග කියලා විස්තර කරලා තිබුණා.
අපි ප්‍රදේශ ගැන ඉස්සරහට විස්තර කරන්නම්. පොදුවේ කීවොත්, කොටුවේ, පිටකොටුවේ කොල්ලුපිටියේ, තුම්මුල්ලේ, බීඑම්අයිසීඑච් එක තියෙන බෞද්ධාලෝක මාවතේ, පාර්ලිමේන්තුව අවට තලවතුගොඩ පාරේ සහ ඒ අවට පාරවල් ගණනාවක් ඇතුළු සාමාන්‍ය මිනිස්සු එදිනෙදා ගැවසෙන සහ ගෙවල් තියෙන තැන් ගණනාවක් අධිආරක්ෂක කලාප කියලා සඳහන් කරලා තියෙනවා.
සරලව කිව්වොත් ඔය නීතිය අනුව ගත්තොත් බෞද්ධාලෝක මාවතේ පිහිටි බීඑම්අයිසීඑච් එකේ කරන බුක්ෆෙයාර් එකත්, ඒ අවට වාහන නැවැත්වීමත් නීතිවිරෝධීයි. බුක්ෆෙයාර් එකේ කට්ටිය එක්රැස්වෙන එක බරපතල වරදක්.
කොහොමහරි නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වනවා, මේ කියන රාජ්‍ය රහස් පනතේ දෙවැනි වගන්තියේ අධිආරක්ෂක කලාප පිළිබඳ සඳහනක් නැති විත්තිය. ඒ වෙනුවට එහි තියෙන්නේ සමහර ඉඩමක්, ගොඩනැගිල්ලක්, ගුවන් යානයක් වගේ තනි ස්ථාන ‘තහනම් ස්ථාන‘ විදියට නම් කිරීමේ බලය ලැබෙන විධිවිධාන විතරයි. පාරවල් සහ සාමාන්‍ය මිනිස්සු ඉන්න ගෙවල් පිටින් අධිආරක්ෂක කලාප විදියට නම් කරලා, අපභ්‍රංශ නීති හදන්න බලයක් ඒකෙන් ලැබිලා නෑ.
ඒ වගන්තියෙන් යම් තැනක් තහනම් නම් තහනම්. ඒත් දැන් මේ කියන මහජනතාව ජීවත්වෙන ප්‍රදේශ තහනම් කරලා නැහැ. ඊට වඩා වෙනස් මගුලක් කරලා තියෙන්නේ.
ඊට අමතරව නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, මෙම රාජ්‍ය රහස් නීතිය තියෙන්නේ රාජ්‍ය ආරක්ෂාවට අදාල තොරතුරු රැකගන්න. ඒ කියන්නේ සමහර බිල්ඩිමකට ඇතුළු වුණොත්, එතැන තියෙන තොරතුරු අපේ රටේ ආරක්ෂාවට සංවේදී විය හැකි නිසා, ඒක මේ නීතියෙන් ‘තහනම් ප්‍රදේශයක්‘ ලෙස නම් කරන්න ඉඩ දීලා තියෙනවා. ඒත්, සාමන්‍ය මිනිස්සු ජිවත්වෙන, කන බොන, වෙළඳාම් කරන, ව්‍යාපාර කරන, විවේකීව ඉන්න, බුදියගන්න, දරුවො හදන, රෝහල් තියෙන, පාසල් තියෙන ප්‍රදේශ එවැනි නීතියකින් ආවරණය කරන්න බැහැ. ඒ කියන්නේ පනතේ වුවමනාවට පරස්පර වැඩක් මේ කරලා තියෙන්නේ.
ඒ විතරක් නෙවෙයි, ජනාධිපති ගැසට් නිවේදනයේ දාලා තියෙන ‘වැරදි‘ උක්ත පනතේ නොමැති බවත් නීතිඥ සංගමය පෙන්වා දෙනවා. ඒ අනුව ජනාධිපති ගැසට් එකකින් ‘වැරදි නිර්මාණය කරන්න‘ උත්සාහ කරලා තියෙන බව නීතිඥ සංගමය පෙන්වනවා.
ඒ අනුව රාජ්‍ය රහස් පනත පාවිච්චි කරමින් පුද්ගලයන්ගේ එක්රැස්වීමේ නිදහස, ගමන් කිරීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස සීමා කරලා තියෙන බව නීතිඥ සංගමය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි මේ නියෝග ක්‍රියාත්මක කිරීමේ නිසි බලධරයා විදියට හඳුන්වලා තියෙන්නේ. ‘යම් විශේෂ අවස්ථාවකදී හෝ පවත්නා ආරක්ෂක තත්වය අනුව හෝ අධි ආරක්ෂක කලාපයන් තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සහා නිසි බලධරයා විසින් විධිවිධාන සැලැස්විය යුතුය.‘ කියලත් ගැසට් එකේ සඳහන්.
ඒ විතරක් නෙවෙයි, ‘නිසි බලධරයා විසින් මෙම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කලින් කලට අවශ්‍ය විය හැකි පරිදි වූ විධාන නිකුත් කළ හැකිය.‘ කියලා වැඩිදුරටත් තියෙනවා.
ඒ කියන්නේ හත්දෙයියනේ, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහ නීතිය ගැන මළපොතේ අකුරක් නොදන්න දැඩි ඒකාධිපතිවාදියෙක් සහ රාජපක්ෂ ගැත්තෙක් වන කමල් ගුණරත්නට පුළුවන් වරින්වර විධාන නිකුත් කරන්න.
මීට කලින් ඔහු දේශපාලන වේදිකාවක කීවා, ප්‍රතිවාදීන්ව දණිස්සෙන් පහළට වෙඩි තියන්න ඕනෑ කියලා හැඟවෙන කතාවක්. ඒ වගේම මහින්ද ඉල්ලා අස්වෙලා, කැබිනට් මණ්ඩලය විසිරිලා, ඔහු නිකම්ම කමල් ගුණරත්න බවට පත්වෙලා ඉද්දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විදියට පෙනී සිටිමින් නිවේදන නිකුත් කළා.
ඒ කියන්නේ මේ අතිසුවිසල් ප්‍රදේශ සියල්ල නොනිල වශයෙන් කමල් ගුණරත්නගේ ප්‍රයිවෙට් ප්‍රොපටි බවට පත් කරලා තියෙනවා. කමල්ට දෙන්න පුළුවන් විධාන ගැන කිසිම සීමා මායිමක් පෙන්නලා නෑ ගැසට් එකෙන්. ඒකේ තියෙන විදියට ඔහු නිකුත් කරන විධානවලට අනුකූලව කටයුතු කරන එක ඕනෑ තැනැත්තෙකුගෙ කාර්යභාරය. ගැසට් එකේ පැහැදිලිව කියලා නෑ ඒ විධානවලට යටත් වෙන්න ඕනෑ මේ සීමාව ඇතුළතදී පමණක්ද, ඉන් එළියේදීත් විධානවලට යටත් වෙන්න ඕනෑද කියලා.
සමහරවිට මේ ප්‍රදේශවල ආරක්ෂාවට හානියක්ය කියලා ඉන් පිටත ඉන්න අයට පවා විධාන නිකුත් කරන්න ට්‍රයි කරයි.
ඊට පස්සේ පස්වැනි වගන්තියේ තියෙනවා මාර එකක්. ‘පොලිස්පතිවරයාගේ හෝ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගෙන ඇත්නම් මිස කිසිම තැනැත්තෙකු විසින් අධි ආරක්ෂක කලාපයන් තුළ පිහිටි යම් මාර්ගයක, පිට්ටනියක, වෙරළක හෝ එළිමහන් ස්ථානයක කුමන ආකාරයක පෙරහැරක්, ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීම හෝ මෙහෙයවීම නොකළ යුතුය.‘ කියන වගන්තියක.
ඒ කියන්නේ උදාහරණයක් විදියට ගලධාරි එකේ සහ හිල්ටන් එකේ එළිමහන් ඒරියාස්වල පාටි දාන්නත් දැන් දේශබන්දුගෙනුයි, පොලිස්පතිගෙනුයි අවසර නැතිව බැහැ. ඔබ කවුරුහරි ඒ වගේ පාටියක් දැක්කොත් ක්ෂණිකව පැමිණිල්ලක් දාන්න.
ඊට පස්සේ මේකේ තියෙන හයවැනි වගන්තිය අනුව මේ අධිආරක්ෂිත කලාප කියල කියපු ප්‍රදේශවල ගොඩනැගිල්ලක්, තාවකාලික හෝ ස්ථීර ඉදිකිරීමක් හෝ කැණීමක් සිදු කරන්න අවසර ගන්න ඕනෑ. ඒ කියන්නේ ඔය ප්‍රදේශයේ බැංකු තියෙනවා. වෙනත් ෆිනෑන්ස් වගේ ආයතන තියෙනවා. තව ආයතන ගොඩක් තියෙනවා. ඔබ දැකල ඇති ඒවා ඉස්සරහා පොඩි හට් එකක් ගහලා ප්‍රමෝෂන් හෝ වෙනත් සේවාවන් සපයන හැටි. දැන් ඒවා සඳහාත් දේශබන්දු තෙන්නකෝන්ගේ හෝ පොලිස්පතිගේ අවසරපත්‍රය ඕනෑ.
ඊළඟට විහිළුම එක තමයි ඒ ඒ ප්‍රදේශවල වාහනයක් නවත්වන්නත් දේශබන්දුගේ හෝ පොලිස්පතිගේ අවසරය ඕනෑ. ඒ කියන්නෙ කොළඹ උසාවි සංකීර්ණයත්, පිටකොටුවත්, ඔය පාර්ලිමේන්තු අවටත් ඇතුළු හැමතැනම බැංකු ඉස්සරහා, කාර් පාක්වල සහ වෙනත් තැන්වල වාහනයක් නවත්වන්න මේ ගැසට් එක අනුව තහනං.
ඊටත් එහාට ගිහින්, මේ කලාප ඇතුළේ යම් කෙනෙක් වරදක් සිදුකර ඇති බවට හෝ, නියෝගවල විධිවිධාන උල්ලංඝනය කරලා ඇතැයි සැක හිතෙන වෙලාවක පොලීසියට ‘පරීක්ෂා කරන්න‘ සහ ‘ප්‍රශ්න කරන්න පුළුවන්.‘ ඒ අයව අත්අඩංගුවට ගන්න පුළුවන්. ගත්තාම මහාධිකරණයකින් පමණයි ඇප දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ක්‍රමවේදය අනුව වරදක් කරන කෙනෙක්ට මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දෙනවා. විශේෂයෙන් ඉස්සර විරෝධතා කරන මිනිස්සු මර්දනයට පාවිච්චි කරපු පනත් වන මංමාවත් පනත, පොලිස් ආඥා පනතේ 77 (1) වගන්තිය, දණ්ඩ නීති සංග්‍රහයේ ‘නීතිවිරෝධී රැස්වීම්‘ පිළිබඳ විධිවිධාන හෝ මහජන දේපළවලට හානි කිරීම සහ අයුතු අවහිරය වගේ බොහොමයක් වැරදිවලට ඉක්මනින් ඇප ලැබෙනවා.
දැන් මේ අලුත් නීති හදලා තියෙන්නේම හිතාමතා කට්ටිය හිරේ දාන්න.
එතැනින් එහාට ගිහින් අධිආරක්ෂක කලාපයක් තුළ ගොඩනැගිල්ලක ස්ථීරව, තාවකාලිකව පදිංචි සියලු තැනැත්තන්ගේ ලැයිස්තුවක් ප්‍රදේශය භාර පොලීසියට දෙන්න ඕනෑ. ඊට අමතරව ඒ ඒ ප්‍රදේශවල සියලු රජයේ සහ පෞද්ගලික කාර්යාලවල වැඩකරන අයගේ තොරතුරුත් දෙන්න ඕනෑ. එතකොට ලක්ෂ ගණන් මිනිස්සු මේ ප්‍රදේශවල ඉන්නවා.
මානව හිමිකම් වෙනුවෙන් පෙනීහිටපු නීතිඥ නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරුන්ගේ කාර්යාල තියෙනවා. ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තිය සමිති කාර්යාල තියෙනවා.
එතැනිනුත් එහාට ගිහින් පොලිස් නිලධාරීන්ට පුළුවන්ලු යම් පරිශ්‍රයකට ඇතුළුවෙලා නියෝගවල හයවැනි වගන්තිය උල්ලංඝනය කරනවාද කියා චෙක් කරන්න.
කෙනෙක් හිතාවි, ඔය රාජ්‍ය රහස් පනතේ දෙවැනි වගන්තියේ අධිආරක්ෂක කලාප හදන්න ආරක්ෂක ඇමතිට මොකක්හරි බලයක් දීලා ඇති කියලා. ඒක එහෙම නෙවෙයි. එහෙම බලයක් දීලා නැහැ.
එතකොට ඔබ නැවත කල්පනා කරයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුද්ගලයන්ට දීලා තියෙන අයිතිවාසිකම්වලටත් උඩින් මෙහෙම දෙයක් කොහොමද අප්පා කළේ කියලා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ 14 වැනි ව්‍යවස්ථාවේ තියෙනවා ‘සෑම පුරවැසියෙකුටම..‘ ‘භාෂණයේ නිදහස‘, ‘ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට‘, ‘සාමකාමීව රැස්වීමේ නිදහසට‘, ‘සමාගමයේ නිදහසට‘, ‘වෘත්තිය සමිති පිහිටුවීමේ සහ වෘත්තිය සමිතිවලට බැඳීමේ නිදහසට‘ වගේම මේ කාරණයට අදාලව වැදගත්ම කොටසක් වන ‘ශ්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට‘ හිමිකම් කියනවා කියලා.
එතකොට රනිල් වික්‍රමසිංහ කියන බලය රැකගන්න දඟලන, ජනවරමක් නැති මහල්ලා, ගැසට් එකකින් අහිමි කරන්න යන්නේ ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදය වගේ මුල්ම පරිච්ඡේදයකින් ඉතා පැහැදිලි සිංහලෙන් මිනිස්සුන්ට දුන්න නිදහසක්.
ඔබට මේකේ භයානකකම තේරෙනවා ඇති. මේක කොච්චර නීතිවිරෝධීද කියලා තේරෙනවා ඇති.
මේ ප්‍රදේශ අතර අංක එක තමයි පාර්ලිමේන්තු සංකීර්ණය.
කුඹුක්ගහදූව පාර, රජමල්වත්ත පාර, ජයන්තිපුර හන්දිය, ජයන්තිපුර මාර්ගය සහ පාර්ලිමේන්තු මාර්ගය , අල්කටාස් රථගාල, පාරලිමේන්තු ක්‍රීඩාංගනය, කියංනෑම් හන්දිය, ජපන් මිත්‍රත්ව මාර්ගය, පහළවෙල පාර, කිඹුලාවල හන්දිය දක්වා දියවන්නා ජලාශය, කිඹුලාවල හන්දියේ සිට තලවතුගොඩ මාර්ගය පින්නියර හංදිය පහුකරගෙන බැද්දගාන හංදිය වෙනතුරු තලවතුගොඩ පාර, සුදර්ශන මාවත, දහම් මාවත, දහම් මාවත, ගමගේ මාවත, ඊයම්පෝරුව පන්සල පාර අතුරු මාර්ග ඇතුළුව පින්නියර දක්වා ප්‍රදේශය සහ මාදිවෙල මන්ත්‍රී නිවාසය, මන්ත්‍රී නිවාස පසුපස පිටවේල්ල පාර, බැද්දගාන මාර්ගය, පොල්දූව මාර්ගය, වෙහෙරකන්ද පාර, බැද්දගාන, නිපොන් පාර ඔස්සෝ පොල්දූව හන්දිය දක්වා දියවන්නා ජලාශයද ඇතුළු ප්‍රදේශ මේකට අයිතියි.
මේ ප්‍රදේශයේ අහිංසක මිනිස්සු පාරේ වාහන නවත්වාගෙන කෑම විකුණනවා. දැන් ඒකට දේශබන්දු තෙන්නකෝන්ගෙන් අවසර ගන්න සිද්ධවෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ නීතිපති දෙපාර්තමේන්තුව තියෙන ප්‍රදේශය දෙවැනි කොටස. මෙතැනත් වේල්ලවීදිය පාර, අලුත්කඩේ වීදියේ ඉඳන් බෙල්මන් වීදියට, සාංචි ආරච්චි වත්ත පාර, අධිකරණ මාවත හන්දිය, ශාන්ත සෙබෙස්තියන් කන්ද පාර, මිහිඳු මාවත ඇතුලු ප්‍රදේශ ගොඩක් අයිතියි. ගොඩක් මිනිස්සුන්ගේ තොග සහ සිල්ලර වෙළඳාම් කරන කඩකාමරවල ඉඳන් ප්‍රවාහනයට බඩු පටවන්න වාහන නවත්වන තැන් බොහොමයක් මෙතැනට අයිතියි. දැන් හැමෝටම දේශබන්දු තෙන්නකෝන්ගෙ අවසරය ගන්න පෝළිමක් ගහන්න වෙනවා.
අනෙක් එක ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය සහ පොලිස් මූලස්ථානය ඇතුළු ප්‍රදේශය. මෙතැනත් යෝක් වීදිය, ලෝටස් හන්දිය, රීගල් ෆිල්ම්හෝල් එක, මෝගන් පාර, විනිසුරු අක්බාර් මාවත, බාලදක්ෂ මාවත, ගෝල්ෆේස් වටරවුම දක්වා සහ එතැන බීච් ඒරියා එක අයිතියි. ඒ කියන්නේ ගෝල්ෆේස් බීච් මිනිස්සුන්ටත් අයිතියි.
මේ ප්‍රදේශවල ලංකා බැංකුව, මහජන බැංකුව ඇතුළු ප්‍රධාන බැංකු ගණනාවක ප්‍රධාන කාර්යාල තියෙනවා. වන් ගෝල්ෆේස්, ගෝල්ෆේස් කාර් පාර්ක් ඇතුළු බොහොමයක් තැන් තියෙනවා. දැන් ඒවායෙ බයික් එකක්, කාර් එකක්, ත්‍රීවීල් එකක් නවත්වන්නට දේශබන්දුගේ හෝ පොලිස්පතිගේ අවසරය ඕනෑ.
ගුවන් හමුදා මූලස්ථානය කියලා චිත්තපලම් ඒ ගාඩිනර් මාවත, මෝගන් පාර, රීගල් හෝල් එකේ ඉඳන් විනිසුරු අක්බාර් මාවත දක්වා බේරේ ඇල මාර්ගය වගේ ප්‍රදේශ නම් කරලා තියෙනවා. මේ ඒරියා එකට ලංකාවේ ප්‍රධානම වෘත්තිය සමිති මධ්‍යස්ථානයක් වගේම, බොහෝදුරට ක්‍රියාකාරීන් කතාබහ කරන්න එක්වෙන ලංකා ගුරු සංගම් කාර්යාලයත් අයිතිවෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය කියලා මල් පාර, අර්නස්ට් ද සිල්වා මාවත, 05 වන පටුමග, 27 වන පටුමග ආදී ප්‍රදේශ අයිතිවෙනවා.
අරලියගහ මන්දිරය අනෙක් ඒරියා එක. එතැන රොටුන්ඩා හන්දිය අවට, රොටුන්ඩා වටරවුම මාර්ගය, පෙරහැර මාවත, අල්විස් පාර හන්දිය, ධර්මපාල මාවත, පෙරහැර මාවත හංදිය, කොල්ලුපිටිය ස්ටේෂන් එකේ ඉඳන් කොල්ලුපිටිය දක්වා, කොල්ලුපිටිය හන්දිය, ලිබර්ටි වටරවුම ආදී ප්‍රදේශ ගොඩක් ඒකට අයිතියි.
ඔව්, ඒ කියන්නේ කොල්ලුපිටියේ බීච් එකේ ඔය කියන ඒරියා එකක පාටියක් දැම්මත්, වාහනේ පොඩ්ඩක් නැවැත්තුවත් බඩුම තමයි.
ඊට පස්සේ ලංකාවේ නැති තනතුරක් වන ‘ආරක්ෂක ලේකම්‘ කියල තනතුරක් දරන කෙනෙකුගෙ නිල නිවාසය සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස තියෙන ප්‍රදේශත් නම් කරලා තියෙනවා. ඒකට බෞද්ධාලෝක මාවත අයිතියි. ජාවත්ත පාර, කැප්පෙටිපොල මාවත, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, තුම්මුල්ල හන්දිය, ජාවත්ත පාර, ස්ටැමෝර් චන්ද්‍රවංකය, පැජට් පාර, මහගමසේකර මාවත ආදී ප්‍රදේශ බොහොමයක් මේ කියන අධිආරක්ෂක කලාප ලැයිස්තුවට දාලා තියෙනවා.
ප්‍රායෝගිකව අපි දන්නවා මේ නීතිය අනුව ඔය ප්‍රදේශවල තියෙන රැස්වීම් තහනම් කිව්වට, වෙන මිනිස්සු කරන රැස්වීම්වලට ඔය නීතිය නෑ. වාහන නවත්වන්න දේශබන්දු හෝ පොලිස්පතිගෙ අවසර ගන්න කීවට, ඔය ප්‍රදේශවල නවත්වන ගොඩක් වාහනවලට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.
ඒ අනුව මේ නීතිය ඉතාම වුවමනාවෙන් තෝරගත්ත, ඉතා සුළු පිරිසකට විතරයි ක්‍රියාත්මක වෙන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ඡේදයේ තියෙන තවත් ප්‍රධාන අයිතියක් තමයි සැමට සමානව සැලකීමේ අයිතිය. ඒත්, මේ නීතිය ප්‍රායෝගිකව සැමට සමානව ක්‍රියාත්මක කරන්න බෑ.
මේක නීතියක් නෙවෙයි. මේක තමයි රනිල්ගේ උමතුව. රනිල් මේ ගැසට් කරලා තියෙන්නේ ඔහුට හැදිලා තියෙන බරපතල මානසික උන්මාදය. රනිල්ට ජනවරමක් නෑ. ඔහු වැඩිපුරම බය ජනතාවට. ඔහු ගැසට් කරලා තියෙන්නේ ජනතාව කෙරෙහි තියෙන බිය.