ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 22 වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගිහින් පොත් අතේ තියන් ඉන්න ෆොටෝස් ටිකක් ප්‍රසිද්ධ කරලා තියෙනවා.
එක පොතක් තමයි මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලියපු ‘විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?‘ කියන පොත. මේ පොත තිබුණේ (තරිඳු උඩුවරගෙදර ලියූ ලයනල් ප්‍රනාන්දු කෘතියත් තිබෙන) විදර්ශන පොත් කුටියේ.
විදර්ශන පොත් ප්‍රකාශන ආයතනයේ හිමිකරු ජනක ඉනිමංකඩ රනිල්ගේ පැමිණීම ගැන ෆේස්බුක්හි මෙසේ පළ කර තිබුණා.
‘ජනාධිපතිවරයා ගේ සමීපතමයෙක් උදේ නමයහමාරට විතර කෝල් කරලා කිව්වා, “මචං ලොක්කා දහයට බුක්ෆෙයා එනවා, උඹ ස්ටෝල් එකේ ඉන්නවද?” කියලා.
“පිස්සුද බං මං තාම ගෙදර…මං දුවට කියන්නං ආවොත් අමරකීර්ති ගෙ ‘ විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ පොතක් දෙන්න කියලා තාත්තා දෙන්න කිව්වා කියලා.”
*
පොත අතට අරන් බලලා කිව්වලු “මේක අපි කවුරුත් කියවන්න ඕන එකක්” කියලා.‘
උඩ සටහනේ එන ආකාරයටම මේ විදියට පොත් ප්‍රදර්ශනයට යද්දී යන්නේ කොතැනටද, කුමන කුටිවලටද කියා කලින් තීන්දු කරනවා. ආරක්ෂාව දැඩි කරනවා. දැඩි පාලනයක් යටතේ කුටිවලට ගිහින් බොරුවට ඡායාරූපයක් දාලා, පොතක් දෙකක් ගන්නවා. මේවා ව්‍යාජ රංගන. ජනතාව මේවාට තවදුරටත් අහුවෙන්නේ නැහැ.
එංගලන්තෙ ගිය වෙලාවේත් එක් එක් සාදවලදී, නැත්නම් කොරිඩෝරයක ඇවිද යන අස්සේ සට පට ගාලා රජු එක්කත්, පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා එක්කත් ෆොටෝ දෙකක් ගස්සවාගත්තේ රනිල්. හැබැයි ලෝකෙ ලොකුම නායකයන් එක්රැස්වෙන එක්සත් ජාතීන්ගේ මහා සමුළුව වෙනුවෙන් නිව්යෝර්ක් යන්න අවස්ථාවක් රනිල්ට ලැබිලා නැහැ. ඒ කාංසාවට බුක්ෆෙයාර් එකට ගිහින් ෆොටෝ දාන එක හොඳයි.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති තමන්ගේ පොත අතට ගත්ත රනිල් ගැන කියා තිබුණේ මෙහෙම.
‘ජනාධිපති මහතා ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ අතැතිව.
මේ පොතේ මූලික තර්ක තේරුම් ගන්න අවශ්‍ය බුද්ධිමය පසුබිම තිබුණ, තියෙන ජනාධිපතිලා තුන්දෙනෙක් ලංකාවේ ඉඳලා තියෙනවා.
ජේ ආර්, චන්ද්‍රිකා සහ රනිල්.
හැබැයි මේ පොතේ මූලික තර්කවලට එකගනොවීම අතින් අංක එක රනිල් වෙන්න පුළුවන්.‘
විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද යන කෘතිය තුළින් හඳුනාගන්නා ශිෂ්‍යයන් යනු ආණ්ඩුවට එහෙයි කියාගෙන, හිස පාත් කරගත්ත සිසුන් නෙවෙයි. ඊට වඩා ස්වාධීන සිසුන්. විශ්වවිද්‍යාල සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස සංවිධානය කිරීම අනාදිමත් කාලයක පටන් එන දෙයක්.
එහෙත්, රනිල් වික්‍රමසිංහ මේ වෙද්දී වසන්ත මුදලිගේ වැනි ශිෂ්‍ය ක්‍රියාකාරීන්ව ‘ත්‍රස්තවාදීන්‘ ලෙස ලේබල් කර හිරේ දමා සිටියදී බොරුවට මෙවැනි පොත් අතේ තබාගෙන සිටීම විහිළුවක්. පොත අතට ගත්තාට, පොතේ තර්ක තේරුම් ගත්තාට, ඒවා ක්‍රියාත්මක නොකර සිටින්නෙක් රනිල්. ඔහුගේ පුස්තකාලයේ තිබුණායැයි කියන බොහෝ පොත්පත්වල තිබුණු අදහස්වලට පරස්පර විදියට පාදඩ, ජඩ දේශපාලන සංස්කෘතියක් රකින්නයි රනිල් උත්සාහ කරන්නේ.
ඒ අතින් ඔහු තරම් මුග්ධ පාඨකයෙක් තවත් සිටිය හැකිද?