පිස්සු පූසා කොමිසමේ සභාපතිට තොරතුරු කොමිසමේදී විරෝධයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති නිදහස ලබාදීම ගැන ⁣තොරතුරු ඉල්ලීමකට අදාල අභියාචනායක් විභාග කිරීමෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඊයේ ඉවත් විය.

විනිසුරුවරයා අභියාචනා විභාගයෙන් එලෙස ඉවත් වූයේ එම අභියාචනය කැඳවූ අවස්ථාවේදී අභියාචනායකගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ විරෝධතාවක් සැලකිල්ලට ගනිමිනි.

දුමින්ද සිල්වා, ජූඩ් ෂර්මන්ත සහ සුනිල් රත්නායක හට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ තොරතුරු ඉල්ලීමකට අදාලව මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණේ ධනුෂ්ක සිල්වා නම් පුරවැසියෙකි.

අභියාචනය ඊයේ විශ්‍රමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිනී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ නීතිඥ ජගත් ලියන ආරච්චි යන කොමසාරිස්වරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අභියාචකගේ පාර්ශ්වය මූලික විරෝධතාවත් මතු කිරීමට තිබෙන බව ප්‍රකාශ කළ අතර ඊට කොමිසමෙන් ඉඩ ලැබිණි. විරෝධතාවය මතු කරමින් අභියාචකගේ පාර්ශ්වය සඳහන් කළේ දේශපාලන පළිගැනීම් සොයා බැලීමට බව කියමින් හිටපු ජනාධිපති පත් කළ ජනාධිපති කොමිසම අධිකාරීපත්‍රයෙන් ලැබුණු බලයෙන් පිට යමින් රාජ්‍ය සේවකයකු නොවන දුමින්ද සිල්වා සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී ඇති බවයි. එලෙස නිර්දේශ ලබා දුන් ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ උපාලි අබේරත්න මෙම කොමිසමේද සභාපති ලෙස කටයුතු කරන බවත්, ඔහුට දුමින්ද සිල්වා සම්බන්ධයෙන් බලවත් ලබැඳියාවක් ඇති බව මෙම වාර්තාව අනුව පෙනී යන බවත් කී අභියාචනා පාර්ශ්වය එසේ ලබැඳියාවන් අතර ගැටුමක් ඇති විය හැකි බැවින් වැරදි පූර්වාදර්ශයකට ඉඩ නොතබා අභියාචනා විභාගයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය. අදාල වාර්තාවද කොමිසමට ඉදිරිපත් කළේය.

එම ඉල්ලීම විනිසුරු අබේරත්න පිළිගත්තේය. ඒ අනුව සෙසු කොමසාරිස්වරුන් ඉදිරියේ අභියාචනය කැඳවීම සඳහා කල් තැබිණි.