මිලියන 800ක් වියදම් කරලා ආණ්ඩුව පාරත් කාපට් කරලා දුන්නා චිචී පුතාගෙ හෝටලයට යන්න!
සිල්ලර කඩයක්වත් කරගෙන නොගිය රෝහිත රාජපක්ෂ හට රක්වානේ, සිංහරාජයේ හෝටලයක් හැදීමට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න සොයා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.
තවද එම හෝටලයට යාමට මිලියන 800ක් වියදම් කොට ආණ්ඩුවෙන් මාර්ගයද කාපට් කර දී ඇති බවත් ඒ මහතා පවසා ඇත.