සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කාලය ලබාදුන් නමුත් එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය නොවන නිසා ඒ මහතාට ජනාධිපති ධූරයට ඔසවා තැබූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනා සමග ආණ්ඩුවක් සෑදීය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය වෙත පවසා ඇත.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බවට යෝජනා කළ පාර්ශ්ව පවා වර්තමානයේ ඊට එකඟ නොවන බව රාජපක්ෂ මහතා පවසා ඇත.
මේ වන විට රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම තවදුරටත් කල්දැමීම සුදුසු නැති බවත්, එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී සහාය දැක්වූ මන්ත්‍රීවරුන් 134 දෙනා සම’ග ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව ඒ මහතා පවසා ඇත.
රට යළිත් නිවැරදි මාවතට රැගෙන සාර්ථක ගමනක් යා හැකි එකම පුද්ගලයා වික්‍රමසිංහ මහතා වන නිසා තම පක්ෂය ඔහුට සහය ලබාදීමට තීරණය කළ බවය. ඡන්දයට ඉදිරිපත් වූ ඩලස් අලහප්පෙරුම මහතාට වඩා දේශපාලන අත්දැකීම් රනිල් වික්‍රමසිංහ මහතා සතු බවත්, ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී ඔහුගේ පරිණත බව අතිශය වැදගත් බවත් ඒ මහතා පවසා තිබුණි.
‘යම් කිසි විදියට අපේ තියෙන නඩු අයින් කරගන්න ඕනෑ නම් බාප්පා ජනාධිපති වෙලා ඉන්න කාලෙ මගේ නඩු අයින් කර ගන්නේ. අවුරුදු දෙකහාමාරක් ජනාධිපති වෙලා හිටියාත්, මගේ නඩු 19 ම එහෙමම තියෙනවා. අපි අධිකරණය ස්වාධිනයි සහ අධිකරණයේ ස්වාධීනත්වයට දේශපාන විදියට ඇඟිලි ගසන්න අපේ කිසි වුවමනාවක් නැහැ. එක පැත්තකින් ඩලක් අලහප්පෙරුම සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් තමයි අපේක්ෂකයෝ විදියට ඉදිරිපත් වුණේ.
එතුමාට අපි අවස්ථාව ලබා දීලා තිබුණා සර්ව පාර්ෂික ආණ්ඩුවක් හදන්න.ඕනැම පාර්ශවයක් එක්ක සාකච්ඡා කරලා, අපි එතුමාට අවස්ථාව ලබා දුන්නා. ඒත් අපි දකින දේ තමයි සර්ව පාක්ෂීක ආණ්ඩු හදන්න යෝජනා කරපු අයත් අද ඒ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් කළ යුත්තේ මොඩම් ගොඩම බදා ගන්නවා වගේ 225ම බදා ගන්න යන්නේ නැතිව, තමන්ට ඡන්දය ලබා දුන්න මන්ත්‍රිවරුන් 134 ක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. අන්න ඒ 134 දෙනා එක්ක ස්ථාවර ආණ්ඩුවක් හදලා, මේ රටේ ප්‍රශ්ණවලට විසඳුම් සොයා ගැනීමයි’