ජපානයේ මුදල් ඇමතිවරයා මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින් ලංකාව දෙස බලා සිටින බව කියලා.
එහෙත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජපානය සමුළුවක් කරන්නේ නැහැලු.
ඒ වැඩේ කරන්න අයිඑම්එෆ් සහ පැරිස් ක්ලබ් එක්ක ගනුදෙනු කරන්න කියලා ශ්‍රී ලංකාවට මතක් කරලා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජපානය විසින් ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කරනවායැයි මෙරට පැතිර ගිය ප්‍රවෘත්තිය පිළිබඳ ජපානයේ විදේශ සම්බන්ධතා ඇමති යොෂිමාසා හයාෂිගෙන් ජපානයේ මාධ්‍ය හමුවකදී කළ විමසීමකදි, එවැනි සමුළුවක් ජපානය සංවිධානය කරන්නේ නැතැයි ඔහු කියා තිබුණා.
ශ්‍රී ලංකාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජපානය මැදිහත්වෙනු ඇති බව තමයි මුලින් වාර්තා වී තිබුණේ. ඇත්තටම කීවොත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මෙරට මාධ්‍යවල ප්‍රචාරය කර තිබුණේ එහෙමයි. ඇත්තටම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයෙන් ඉල්ලීමක් කර තිබුණා, ණය ප්‍රතිව්‍යුහගතරණයට ප්‍රමුඛත්වය ගන්න කියා.
අපි ශ්‍රී ලංකාව සමග විවිධාකාර සම්බන්ධතා පවත්වනවා. ඒ වගේම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල ආර්ථික තත්වය සමීපව නිරීක්ෂනය කරනවා. ඒ තත්වය නිසා, අප මේ වන විට ඖෂධ සහ ආහාර වශයෙන් මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරෙත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් ක්ලබ් හරහා විනිවිදභාවයෙන් යුතු ආර්ථික සහ මූල්‍ය විසඳුම් ලබාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. අප ශ්‍රී ලංකාව සහ අනෙකුත් ජාත්‍යන්තර ආධාර ලබාදෙන සංවිධාන සමග සාකච්ඡා කරන්න සූදානම්.
කෙසේ වෙතත් ජපානයේ මුදල් ඇමති ෂුනිචි සුසුකි ශ්‍රී ලංකාවට ණය ලබා දුන් රටවලින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පිළිබඳ සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටින බව කියා තිබුණා. ඒ කියන්නේ ඒ ඒ රටවල් මුණගැසී වෙන වෙනම ඉල්ලීම් කළා නෙවෙයි. ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් එවැන්නක් කියා තිබුණා. එවැනි ප්‍රසිද්ධි ඉල්ලීමකින් අනෙක් රටවල් මැදිහත් වනු ඇතැයි සිතන්න බැහැ. කෙසේ වෙතත් ජපාන මුදල් ඇමතිගේ ප්‍රකාශය මෙරට මාධ්‍ය මහා ඉහළින් වාර්තා කර තිබුණා.
ශ්‍රී ලංකාවට වැඩිපුරම ණය දී තිබෙන්නේ චීනය. චීනය පැරිස් ක්ලබ් කියන ණය ලබාදෙන්නන්ගේ එකතුවේ සාමාජිකයෙකු නෙවෙයි. ඒ නිසා චීනයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ බාහිර බලපෑම් කරවාගැනීමට තමයි රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්ණේ. ඔය ණය ලබාදුන් අයගේ සමුළුවක් වගේ එකක් ගැන කතා කරන්නේ ඇත්තටම චීනය ටැකල් කර ගැනීමේ අරමුණෙන්. ඒත්, ජපානය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඒ වැඩේට කර නොගසන බව තමයි මේ ප්‍රකාශවලින් පෙනෙන්නේ. ජපානය සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අළු යට ගිනි පුපුරු වගේ. කොහෙවත් යන කෙළවගත්ත රටක් නිසා ඒ ගිනිපුපුරු අවුළුවාගන්න ජපානය සූදානම් නැති බව තමයි පෙනෙන්න තියෙන්නේ.