අයිඑම්එෆ් කාර්යමණ්ඩල එකඟතාව අත්සන් කරනවාලු! ඒත් වැදගත් එක තාම නෑ

ශ්‍රී ලංකාවේ අර්බුද තත්වයෙන් මිදීම සඳහා ඩොලර් බිලියන 3කින් සමන්විත බේල්අවුට් පැකේජ් එක ලබාදීම සඳහා කාර්ය මණ්ඩල ගිවිසුමට දැනටමත් එකඟතාව ඇවිත් හමාර බවත්, සැප්තැම්බර් 01 බ්‍රහස්පතින්දා ඒ සඳහා අත්සන් කර නිල වශයෙන් දැනුම්දීමට නියමිත බවත් රොයිටර්ස් වාර්තා කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ අගමැති වූ පසු ජුනි මාසය ඉවරවෙද්දී අත්සන් කරනවායැයි කී ගිවිසුම තමයි මේ සැප්තැම්බර් මාසය මුල අත්සන් කරන්නේ. අයිඑම්එෆ් එකේ සල්ලි ලැබෙන්න තව මාස ගණනාවක් ගත වේවි.

මේ ගිවිසුම අත්සන් කළ පමණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුදල් ලැබෙන්නේ නෑ. මේක මූලික එකඟතාව විතරයි. විධායක අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය තමයි තීරණාත්මක අනුමැතිය. ඒ සඳහා තව මාස කිහිපයක් ගත වේවි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රාජ්‍ය වියදම් සීමා කිරීම ඉතා වැදගත්.

අඟහරුවාදා රාත්‍රිය දක්වා මේ පිළිබඳ අයිඑම්එෆ් නියෝජිතයන් සහ මෙරට දේශපාලන නායකයන් අතර සාකච්ඡා තිබුණාලු. මීට කලිනුත් එකඟතා බොහොමයකට ඇවිල්ලා හිටියාලු.