ආර්ථික සංවර්ධනය යන යෙදුම ඉදිරියට දමා ලැබෙන ඕනෑම අමාත්‍ය ධූරයක් තමන් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා “ටීවි දෙරණ” ඔස්සේ අගෝසතු 29 වන දින රාත්‍රී විකාශය වූ 360 වැඩසටහනේදී පවසා ඇත.
මේ ගැන ඔහු ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් ඔහු එම වැඩසටහනේදී පවසා තිබුණි.
“ඉන්න මිනිස්සුන්ගෙන් වැඩගන්න දැනගන්න ඕනේ. දැනුත් මම මේ ජනාධිපතිතුමාටත් කියලා තියෙන්නේ, ක්‍රයිසීස් එක මැනේජ් කරන්න දෙනවා නම් මම ආය ආණ්ඩුවේ ඇමති ධූරයක් ගන්නවා. නැතුව මට නිකන් ඇමති ධූරයක් දුන්නාට මට වැඩක් නෑ. ඒකත් ඔය වගේ දවස් 10ක වැඩක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉකොනමික් ඩිවලොප්මන්ට් කියන කෑල්ල දාලා දෙන්න ඕනේ. ඒක මම දැන් ලියලාම දීලා තියෙන්නේ.”