ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 156 වැනි පොලිස් දිනය සැමරීමට පොලිස් දෙපාර්තමේන්තුව සතු අරමුදල්වලින් විශාල මුදලක් භාවිත කරමින් සිදු කිරීමට නියමිත බව කියමින් වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ‘ලංකාසර’ වෙබ් අඩවියේ කර්තෘ ජානක ලියනආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට කැඳවා ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අගොස්තු මස 23 වැනිදා “රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්“ යන හිසින් එම වාර්තාව අදාල වෙබ් අඩවියේ පළ කර ඇත.
ඒ අනුව මෙම විමර්ශනයට අදාළ ප්‍රකාශයක් ලබා දීමට ලියනආරච්චි මහතා අගෝස්තු 30 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇත.