අගෝස්තු 30 වන දින අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සිසුන් සහ වෘත්තිය සමිති සංවිධානය කළ විරෝධතා පාගමනේදී අත්අඩංගුවට ගත් 27ක් මේ වන විට පිටකොටුව පොලිසියේ රඳවා ගෙන ඇත.
මරදාන නගරය ආසන්නයේ පොලිසිය සහ කැරලි මර්ධන ඒකකය විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අමානුෂික ආකාරයට විරෝධතාකරුවන්ට පහර දී අත්අඩංගුවට ගෙන තිබුණි.
එම විරෝධතාවේ සිටි අමල් සාලින්ද ඇතුලු තවත් 5දෙනෙකු NA 0410 අංකය සහිත kdh වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබුණු අතර පසුව වාර්තා වුයේ අදාල වෑන් රථයේ නිල ඇඳුම් ඇඳගත් පොලිස් නිලධාරියෙකුද සිටි බවය. මෙම විරෝධාකරුවන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මර්ධනය කිරීම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එම මාධ්‍ය සාකච්ඡාව අතරතුර කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරී පිරිසක් එම ස්ථානයට පැමිණ ‘යූත් ෆෝ චේන්ජ’ සංවිධානයේ ලහිරු වීරසේකරගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පැවසීය.
https://m.facebook.com/story.php?story_fbid=599911068243720&id=100003724565070
අදාල නිලධාරීන් පැමිණ සිටියේද අමල් සාලින්ද ඇතුලු පිරිසව පැහැරගෙන ගිය NA 0410 අංකය සහිත සුදු වෑන් රියෙනි.




