චීනයේ Yuan Wang 5 යාත්‍රාව හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමේ සිද්ධිය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබු මිත්‍රත්වයට ප්‍රශ්නයක් වූ බවට විවාදයක් නැති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ‘ ද හින්දු පුවත්පතට’ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා ඇත.
“නැව නැව්ගත කිරීම අප අතර ප්‍රශ්නයක් වූ බවට විවාදයක් නැහැ. අනාගතයේදී එවැනි ගැටලු මඟහරවා ගැනීමට සහ මෙවැනි ප්‍රශ්නවලින් විශ්වාසය කඩවීමට ඉඩ නොතැබීම සඳහා රාමුවක් අපි අනාගතයේදී ගොඩනගා ගන්නේ කෙසේද යන්න ගැටලුවක් අපි හමුවේ තිබෙනවා”
චන්ද්‍රිකා පර්යේෂණ සහ නිරීක්ෂණ යාත්‍රාවක් යැයි විශ්වාස කෙරෙන මෙම නෞකාව නැව්ගත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට සිය කනස්සල්ල පළ කර තිබුණි. ඉන්දියාවේ එම විරෝධයෙන් පසු නෞකාවේ සැලසුම් කල් දමන ලෙස ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඉන් අනතුරුව චීන රජය අදාල නෞකාව හම්බන්තොටට පැමිණීම දින කිහිපයකින් ප්‍රමාද කිරීමට පමණක් එකඟ වී තිබුණි. යුවාන් වැන්ග් 5 අගෝස්තු 16-22 දක්වා වරායට පැමිණ තිබුණි.
මෙම සාකාච්ඡාවේදී මොරගොඩ මහතා පවසා ඇත්තේ මෙම චීන නෞකාවට අදාළ අවසරය ලබා දී තිබෙන්නේ , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් ඉවත් වීමත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමග මෙන්ම ආර්ථික අර්බුදයට තුඩුදුන් මෙරට දේශපාලන ව්‍යාකුල තත්ත්වය මධ්‍යයේ ය.
එම පසුබිම තුළ මෙම නෞකාව නැංගුරම්ලෑම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් දී නැතැයි ඒ මහතා පවසා ඇත.
2019 වසරේ සිට 2022 වසර දක්වා ඉන්දියාවට කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි වෙනස් පන්තිවලට අදාළ පර්යේෂණ යාත්‍රා 10 ක් මෙරටට නැංගුරම් ලෑම හේතුවෙන් මෙම නෞකාවේ සංචාරය සඳහා එම පිළිවෙත අනුගමනය කර ඇති බවත් මෙම අවස්ථාවේදී යාත්‍රා පන්ති හෝ තාක්ෂණික ක්‍රම අතර වෙනස හඳුනා ගැනීමේදී මෙරට ව්‍යාකුල තත්ත්වයකට පත්වන්නට ඇති බව ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් යම් ආකාරයෙන් මෙවැනි ආකාරයේ අනුමැති ලබාදුන් පසු එය ආපසු ගැනීම අසීරු බව ඒ මහතා පවසා ඇත.