ගෝඨාභය රාජපක්ෂට ලංකාවට ඇවිත් දේශපාලනය කිරීම සඳහා කිසිම සැලසුමක් නැති බව තමයි ඔහුට සමීප ආරංචිමාර්ග ඇසුරෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
එහෙත්, ඔහු ආරක්ෂාව සහ නිවසක් ඉල්ලනවාලු. ඇතැම් මාධ්‍ය වාර්තා කරලා තිබුණ විදියට ඒ වෙනුවෙන් සාකච්ඡා වට කිහිපයකුත් පැවැත්වුවාලු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්ක පවා.
මේ විදියට ඉල්ලන ගෙදර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් පදිංචිව සිටින ගෙදර විය හැකියි. මහින්දගේ විජේරාම මාවතේ ගෙදර මිලියන 400ක වියදමෙන් අලුත්වැඩියා කරන්න නියමිත නිසා, ඒ වෙනුවට ඔහු අමාත්‍ය නිල නිවෙසක තමයි ඉන්නේ. අලුත්වැඩියාව ඉවර කරලා මහින්ද විජේරාමට යද්දී, ගෝඨාභයට ඒ ගෙදර දෙන්න ඕනෑ බව සාකච්ඡාවක් පවතිනවා.
නීතිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවෙන වරප්‍රසාද ටිකක් තියෙනවා. ආරක්ෂාව සහ නිවසක් ඒ වරප්‍රසාද අතර තියෙනවා. ඒත්, ප්‍රශ්නය වන්නේ තමන්ගේ ධුර කාලය අවසන් නොකළ ගෝඨාභය රාජපක්ෂට ඒ වරප්‍රසාද හිමිවෙනවාද කියන එක.
එහෙත්, අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ ඒ ගෙදර නොදෙන්නට නීති තර්ක ඉදිරිපත් කරමින් ඉන්න බව මව්රට පත්තරය කියනවා. සරත් එන් සිල්වා හිටපු අගවිනිසුරුවරයාගේත් කතාවක් උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහ කීවාලු ගෝඨාභයට ගෙයක් දුන්නොත් නඩු වැටේවි කියලා.
අවශ්‍ය නම් මිරිහානේ ගෙදරට ආරක්ෂාව සපයන්න පුළුවන් බවලු රනිල් කියන්නේ. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය අතර දූරකථන සාකච්ඡාවක් පවා පැවැත්වුණ බව මව්රට පුවත්පත වාර්තා කරලා තියෙනවා. හිටපු ජනාධිපතිවරයෙකු වූ ප්‍රේමදාස මහතාගේ ධුර කාලය අවසන් වෙන්න කලින් ඔහුව ඝාතනය කළත්, ඔහුගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාසට යම් වරප්‍රසාද හිමි වූ බව අමතක කරන්න බැහැ. ඒ අනුව ධුර කාය අවසන් නොකර කෙනෙකුට ලැබෙන්නේ මොනවාද යන්න තවම විවාදිත කාරණයක්. සරත් එන් සිල්වාගේ තර්කය තිබුණේ යම් රාජ්‍ය සේවකයෙකු විශ්‍රාම යන්න කලින් සේවය හැරගියොත් වරප්‍රසාද අහිමි වෙනවා වගේ ගෝඨාභයටත් වරප්‍රසාද අහිමි වෙන බව. කෙනෙක් මියයෑමේදී ඊට වඩා තත්වය වෙනස් බව ඒ තර්කයේ පදනමක්.