ජනපති පුටුවේ ඉඳගෙන ඡායාරූප ගත් පොලිස් නිලධාරින් ගැන පරීක්ෂණයක්

ජනාධිපති මන්දිරයේ ජනාධිපති පුටුවේ සහ තවත් ස්ථාන කිහිපයක වාඩි වී ඡායාරූප ගත් පොලිස් නිලධාරීන් සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වා ඇති බව වාර්තා වේ.

ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න කළ චෝදනාවකට පිළිතුරු දෙමින් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ මේ බව පවසා ඇත.