තෙල් සංස්ථාවේ සේවකයන් 4200ක් කරන වැඩේ 500කින් කරන්න පුලුවන්! සේවක කප්පාදුවක්!

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

ශ්‍රි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 26,000ක් පමණ සිටින බවත් එහින් අඩක් දක්වා අඩුකළ හැකි බවත් අකාර්යක්ෂම සේවකයින්ගෙන් වෘත්තීය සමිති වර්ධනය වන බවත් ඒ මහතා තම ටිව්ටර් පනිවිඩයේ සදහන් කර ඇත.

රාජ්‍ය ආයතන බොහෝමයක් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත් දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතුව බවත් රාජ්‍ය අංශයේ සේවය කරන බොහෝ සේවකයින් පෞද්ගලික අංශය තුළ සේවය කිරීම හෝ පෞද්ගලික අංශයේ සේවය සඳහා බඳවා ගනු ඇති බවත් සදහන් කර ඇත.