- චීනයේ සිනොපෙක් සහ බ්‍රිතාන්‍යයේ ෂෙල් ඇතුළු සමාගම්වලින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට යෝජනා 27ක් ලැබිලාලු
ලංකා ඛනිජ තෙල් සංස්ථාව හෙවත් සෙපෙට්කෝ යටතේ තිබෙන ඉන්ධන පිරවුම්හල් 1200ක් අතරින් 500- 700 අතර ප්‍රමාණයක් හැකි ඉක්මනින් විදේශ සමාගම්වලට ලබා දීම ගැන ආණ්ඩුව සාකච්ඡා කරමින් ඉන්නවා.
ඉදිරි මාස හතරේදී ඉන්ධන මිලදී ගන්නට ඩොලර් බිලියන 2කට වඩා මුදල් අවශ්‍ය වුණත් ඒ මුදල් හොයා ගන්න ආණ්ඩුවට සැලසුමක් නෑ. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් හරහා ජනතාවට ඉන්ධන දෙන්න ආණ්ඩුව අසමත්. ඒ අනුව ඉන්ධන සැපයීමේ හැකියාව තිබෙන විදෙස්ගත සමාගම්වලට සිල්ලර වෙළඳාම භාර දීමයි අරමුණ.
චීනයේ සිනොපෙක් ගෲප් සහ බ්‍රිතාන්‍ය ෂෙල් සමාගම ඇතුළු විවිධ සමාගම්වලින් යෝජනා 27ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සලකා බලමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරලා තිබුණා. ඉදිරියේදී මේ සමාගම් ෂෝට්ලිස්ට් කරන බවත් ඔවුන් වාර්තා කරලා තියෙනවා.
ඒ අනුව සමාගම් හතරක් පමණ තෝරාගෙන පිරවුම්හල්වල සිල්ලර වෙළඳාම බාරදෙනු ඇති. ඒ ඒ සමාගම්වලට ඉන්ධන ආනයනය කරලා සැපයීම විදෙස් සමාගම්වලට බාර වෙනවා. තෙල් බෙදාහැරීම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සිදු කරනවා. රජයට සේවා ගාස්තුවක් ලැබෙනවා.
මේ වෙලාවේ ආණ්ඩුවේ තෙල් බෙදාහැරීම දුර්වල නිසා ඉන්ධන හිඟයෙන් පීඩා විඳින බොහෝ ලාංකිකයන් මෙවැනි ක්‍රමයකට අත් දෙකම ඔසවනු ඇති. එය ක්ෂණික විසඳුමක් ලෙස පෙනී යාවි. එහෙත්, පෞද්ගලික සමාගම්වල ලාභ ඉපයීමේ වුවමනාවට ලංකාවේ තෙල් සැපයීමේ සේවාව යට වේවි. අපට සේවා සපයමින් අපේ මිනිසුන්ගෙන් සල්ලි හම්බකරලා, ඒවා ඩොලර් කරලා තමන්ගේ රටට ගෙනියන්න පිටරට සමාගම්වලට හැකියාව ලැබේවි.