ණය වෙනුවට ලංකාවේ සම්පත් පවරගන්න චීනය කැමතියිලු!

ශ්‍රී ලංකාව චීනයට ගෙවන්නට තියෙන ඩොලර් බිලියන 9.95ක ණය වාරික වෙනුවට ඒ වටිනාකමට සමාන චීන ව්‍යාපෘති පවරාගන්න කැමතියි කියලා චීනය දැනුම් දීලා තියෙන බව ඉරිදා අරුණ පත්තරය වාර්තා කරලා.

ඒ පත්තරේ මාධ්‍ය වේදී නයන තරංග ගමගේ ඒ බව වාර්තා කරලා තියෙන්නේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග ඇසුරෙන් බව සඳහන් කරතලා තියෙනවා.

මේ වෙද්දී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ තීරණාත්මකම කාරණයක් වී ඇති චීන ණය පිළිබඳ කාරණය විසඳාගැනීම සඳහා ඒ උපක්‍රමය පාවිච්චි කරන්නට ආණ්ඩුව කැමති වෙන්නත් ඉඩ තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට චීනය එකඟ නැහැ. එ් කියන්නේ චීන ණය ගෙවන්නට තව වැඩිපුර කාලයක් ලබා දෙන්නට එයාලා අකමැතියි. ඒ පසුබිමේ ණය ගෙවීම කල් දානවා වෙනුවට ශ්‍රී ලංකාවේ තියෙන චීන ව්‍යාපෘති පවරාගන්නවාලු. ඒ කියන්නේ ලංකාවේ වරායවල්, ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා, ක්‍රීඩාංගණ, අධිවේගී මාර්ග, විදුලි බලාගාර, නෙළුම් කුළුණු සහ තවත් ඉදිකිරීම් ගොඩක් අතරින් චීනය කැමති ඒවා එයාලාට අරගෙන පාලනය කරන්න කැමැත්ත දක්වලාලු.

ඒ අතරින් ලංකාවට විදුලිය ලබාදීමේදී තීරණාත්මක නොරච්චෝලේ විදුලි බලාගාරය සහ මත්තල ගුවන් තොටුපොළ ලංකාවේ තිබෙන තීරණාත්මක මර්මස්ථාන.

නොරච්චෝලේ වියදම පළමු අදියර ඩොලර් මිලියන 155ක්, දෙවැනි අදියර ඩොලර් මිලියන 300ක් සහ තුන්වැනි අදියර ඩොලර් මිලියන 891ක් වශයෙන් ණය මුදල් ලබාගෙන ඉදිකර තිබෙනවා.

ඩොලර් මිලියන 65ක් වියදම් කරලා හැදුව බංකරින් සහ ටෑන්ක් ෆාම් ව්‍යාපෘතිය හෙවත්, ශ්‍රී ලංකාව ආසන්නයෙන් යන එන නැව්වලට ඉන්ධන සහ එල්පී ගෑස් ලබාදීමේ ව්‍යාපෘතියක් තිබෙනවා.

ඩොලර් මිලියන 214ක මොරගහකන්ද ව්‍යාපෘතිය තියෙනවා. තවත් ජල ව්‍යාපෘති රැසක් තිබෙනවා.

චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය අකමැති වීමට හේතු පැහැදිලියි. ශ්‍රී ලංකාව ලෝක දේශපාලනය තුළ චීනයට එරෙහිව පෙළගැසී සිටින කඳවුරට පැහැදිලි හිතවත්කම් දක්වනවා. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල්, ජපානය ආදී රටවල්වලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සමීපයි. චීන විරෝධය මත ඒ රටවල සහයෝගය ලැබෙන බව දැනගෙන තමයි රනිල් වික්‍රමසිංහලා මේ වෙද්දී අපේ රටේ විරෝධතාකරුවන් දැඩිව මර්දනය කරමින් දුෂ්ඨ පාලනයක් අරගෙන යන්නේත්.

මෙම රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලට අමතරව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කටයුතු කිරීමත් චීනයට එතරම් රුස්සන්නේ නැහැ.

එහෙත් අනෙක් පැත්තෙන් චීනය තමයි ශ්‍රී ලංකාවට වැඩිපුරම ණය ලබා දී තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ ණයවලින් සීයට 50කට වඩා චීන ණය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය ඇති කර ගන්නට නම් චීනය දුන් ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න වෙනවා. ඒ කියන්නේ චීනය තමන්ගේ ණය වාරික ගෙවන කාලසීමාව කල් දාන්න එකඟ වෙන්න ඕනෑ. අයිඑම්එෆ් එක කියා තියෙන්නේ ලංකාව ගත්ත ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරනතුරු එයාගත්ත ණය ටික ප්‍රතිව්‍යුහතයෙන්නේලාගේ සහයෝගය දෙන්නේ නැහැ කියලා. ඒ අනුව චීනය සමග ගනුදෙනුව පැහැදිලිව අවසන් වනතුරු අර්බුදයට විසඳුම් සෙවීම අසීරුයි.