රනිල්ගේ ගෙට ගිනි තිබ්බාට 65ක් ප්‍රශ්න කරන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි නිවස ගිනි තැබීමට අදාල විමර්ශනයන්ට අදාලව තවත් 65 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ගෝල්ෆේස් අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පියත් නිකේෂල මහතාට අගෝස්තු 22 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැනුම් දීමක් ලැබී ඇත.

අගෝස්තු 19 දින ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැය 07ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබුKs’

අගෝස්තු 20 දින හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මීයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණි.

ඒ ජූලි 09 වන දින එම නිවස ගිනි තැබීම සිදුවීමට පෙර නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සහ එම ස්ථානයට පිරිස් පැමිණීම සම්බන්ධයෙනි.