හරක් ජීවිත ගැන කියා මර්වින්ට ඇප දුන්නාලු! විහිළුවක්ද? ඇත්තක්ද?

කැලණිය ප්‍රදේශයේ හරක් මැරීම නතර කරපු මර්වින් සිල්වාට ඇප අවශ්‍ය නැති බව කියමින් කොළඹ අතිරේක මහේස්ත්‍රත් කේමින්ද පෙරේරා මර්වින් සිල්වාට ඇප ලබාදුන් බව ලංකාදීප පුවත්පතේ නිමන්ති රණසිංහ වාර්තා කරලා තියෙනවා.

මේක අධිකරණයට අපහාස කිරීම සඳහා ලියූ විහිළු කතාවක්ද? වැරදීමකින් ලියූ එකක්ද? නැත්නම් ඇත්තටම අධිකරණය මේ විදියට හැසිරිලාද කියන එක හොයා බලන්න ඕනෑ.

ඒ අගෝස්තු 18 වැනිදා මර්වින් සිල්වාව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී. මර්වින්ට තියෙන චෝදනාව මාධ්‍ය ආයතනයකට කඩාවැදීම පමණක්ම නෙවෙයි. ඒ කඩාවැදුණු අවස්ථාවේ මර්වින්ට එරෙහි වී ඔහුට පළා යන්නට පසුබිම හදපු ජාතික රූපවාහිනී සේවකයන් හයදෙනෙකුට පසුව මැර ප්‍රහාර පවා එල්ල වුණා. එතැනින් එහාට මර්වින්ගේ ක්‍රියාකාරකම් ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. ඇත්තටම මර්වින් සිල්වා මිනිස් ජීවිත විනාශ කිරීම් ගැන සැක කෙරෙන අයෙක්.

ඒත්, ‘හරක් ජීවිත‘ ගැන මහේස්ත්‍රාත්වරයෙක් කල්පනා කළා කියන්නේ, එතැනිනුත් එහා ගොස් හරක් ජීවිත බේරාගත්තා කියා ඇප ලබා දුන්නේ නම් ඒක ඉතාම විකාර සහගත සිදුවීමක් බව නීතිඥවරුන්ට අධිකරණයේ තර්ක කළ හැකියි.

විශේෂයෙන් යම්කිසි මස් කඩයක සතුන් මරන මනුස්සයෙක් අධිකරණය ඉදිරියට ආවොත් ඒ කෙනාට සලකන්නේ වෙනස් විදියකටද? එහෙම සලකන්නට තියෙන නීතිමය පදනම මොකක්ද? නීතියේ දෙවඟන දෑස් වසාගෙන තමන් ඉදිරියේ ඇති සිදුවීම දෙස බලන බවයි අප අසා තිබෙන්නේ. ඒ කෙනා හරකුන්

මර්වින් සිල්වා ජාතික රූපවාහිනියට කඩාවැදීම මාධ්‍ය ඉදිරියේ සිදු වූවක්. ඉන්පසු රූපවාහිනී සේවකයන්ට පහරදීම වරින් වර සිදුවෙද්දී ඒ පහරදීම් ගැන සැකය ඉතාම පැහැදිළි වූවක්. ඒත්, 2012 දී ඒ සිදුවීම බහා තැබූ බව අධිකරණයේදී කියා තියෙනවා. මහ දවාලේ කැමරා ඉදිරිපිට සිදු වූ මේ සිදුවීමටත් නීතිය ක්‍රියාත්මක වුණ හැටි තමයි මේ. ඇත්තටම දැන් මර්වින් සිල්වාට අදාල පරීක්ෂණය මර්වින් කරපු දෙයට සීමා වූවක් නෙවෙයි. එතැනින් එහාට ගිහින් 2012 දී නඩුව බහා තබන්න අණ ලැබුණේ කාගෙන්දැයි සොයා බැලීමත් වැදගත්.