රනිල් වික්‍රමසිංහ කෝට් ඇඳගත් මහත්මයාට රඟපාන අස්සේ පාදඩයන්ගෙන් පිරිච්ච කැබිනෙට්ටුවක් ලබන සතියේ ස්ථීර කැබිනෙට්ටුව විදියට පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබෙනවා.
මේ කැබිනට් මණ්ඩලයට තමන්ට ඕනෑ අයව පත් කරන්නැයි පොහොට්ටුවෙන් බලපෑම්ලු. මේ වෙද්දී මීට කලින් පොහොට්ටුව පැත්තෙන් ‘රනිල් අගමැති වූ ආණ්ඩුව විසින්‘ පළිගැනීම් සිදුකළ බව කියන පිරිසකට වන්දි ගෙවන්නත් කැබිනට් පත්‍රිකාවක් දාන්න සූදානම් බව කියවෙනවා.
මේ ගැන ලංකාදීප පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යෙව්දී අජන්ත කුමාර අගලකඩ ලියා තිබුණු පුවතක සඳහන් ආකාරයට නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත සහ ප්‍රසන්න රණතුංග මෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දුත් ඇතුළත් කැබිනෙට්ටුවක් පත් කරන්න කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉල්ලා තියෙනවාලු.
ඇත්තටම ඉල්ලලා නෙවෙයි, අණ කරලා තියෙනවා කියලත් හඳුන්වන්න පුළුවන්. ජනාධිපතිවරයා වෙත නම් ලැයිස්තුවක් යවා තියෙනවා. වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර යන අය ඒ නම් ලැයිස්තුවේ ඉන්නවා.
ඔව්, ලංකාවේ කාන්තාවන්ව ප්‍රසිද්ධියේ නිරුවත් කරනවායැයි වහසිබස් දොඩන නීති සම්පාදනය හෝ රාජ්‍ය පාලනය ගැන කිසිත් නොදන්නා පාදඩයා මේ අර්බුදයෙන් රට ගොඩගන්න රනිල්ගේ ටීම් එකට යන්නලු ලෑස්ති වෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මේ රටේ පොදුජන මතයට පිටින් ගොස්, ජනවරමක් නැතිව 134 දෙනෙකුගෙන් ජනාධිපති වූ පසු තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කළා. මේ රට විනාශ වී, ජනතාවගේ කෝපය අවදි වී, විශාල ජන නැගිටීමක් වුණාට පස්සේ ඒ ජනතාවගේ ඉල්ලීමට කන් දෙනවා වෙනුවට ‘මේක තයි මට බලය අල්ලන්න වෙලාව‘ කියා හිතූ මහලු බලලෝභියෙක් වන රනිල් වික්‍රමසිංහ ‘යක්ෂයා සමග ගිවිසුමකට‘ගියා. බලය වෙනුවෙන් මහජන විරෝධයට ලක් වූ පොහොට්ටුවට එකතු වුණා. රාජපක්ෂලාගේ ආශිර්වාදය මත ප්‍රසන්න රණතුංගලාගේ ‘ෆුල් බැකප්‘ එක ලබමින් රනිල් ජනපති වුණා.
මේ වෙද්දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්ව ඉන්නේ ඉතා සුළු පිරිසකගේ වුවමනාවට. හුදෙක් ඒ අයගේ සහයෝගයෙන්. ඒ පිරිස තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, පාදඩ පාර්ශ්වය. ඒ කියන්නේ ඩලස් අලහපෙරුමලා පවා නැතිව, පොහොට්ටුවේ දේශපාලනිකව පාදඩම කණ්ඩායම තමයි රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වුවේ.
ඒ පිරිස කවදාවත් ‘මීයක් කඩා අත ලෙවකන‘ පිරිසක් විදියට ප්‍රකට වී නැහැ. තමන්ගේ හුදු වාසිය පිණිස දේවල් කළ පිරිසක් විදියට මිසක්, සමාජ යහපත වෙනුවෙන් දේවල් කළ අය කියා ඒ අය ගැන කිසිදා අප සමාජයේ කරුණු ලියැවී, කියැවී නැහැ. ඒ අනුව ‘රනිල්ගේ බුද්ධිය පාවිච්චි කරලා අර්බුදය විසඳන්න‘ නෙවෙයි රනිල්ව බලයට පත් කළේ. ඉදිරියේදී එන අර්බුදය හමුවේ මිනිස්සු පාගලා, ඒකෙන් පීඩාවට පත් වූ අයට කතා කරන්නට ඇති ඉඩ නැති කරලා ඇමතිකම් ටික අරගෙන මේ රට මෙතැනට ඇදල දැම්ම ඒ අයම ඉස්සරහටත් පාලනය කරගෙන යන්න තමයි ඕනෑ වුණේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන සාකච්ඡා තිබුණත්, ඒ ගැන අවසන් එකඟතාවක් නැහැ. සමහර පක්ෂ නිල වශයෙන් ඇමතිකම් ගන්නේ නැහැ. ඒ වෙනුවට විපක්ෂයේ ඉඳන් යම් සහයෝගයක් ප්‍රතිපත්තිමය කාරණාවලට ලබා දේවි. ඒ අනුව, විවිධ පක්ෂවලින් කැඩිලා ඇවිත් ආණ්ඩුවට එන අය මිසක්, සියලු පක්ෂ එක් වූ ආණ්ඩුවක් හදනවා බොරු. සනත් නිශාන්තලා එක්ක සර්වපාක්ෂික ආණ්ඩු කරලා රට හදන්න හිතනවා නම් ඒකත් බොරුවක්.
තව
ආණ්ඩුවට තව පක්ෂ ඉන්නවා කියලා පෙන්වන්නට ඉස්සර ඉඳන්ම රාජපක්ෂලා එක්ක හිටපු ජීවන් තොණ්ඩමාන්, ඒඑල්ම් අතාවුල්ලා වගේ කිහිපදෙනෙක් ආණ්ඩුවට සෙට් වේවි.