රාජ්‍ය නිලධාරීන් අධිකරණය සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බව ජනාධිපති ලේකම් කාර්යාලය සියලු රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධාන්ට අගෝස්තු 15 වන දින දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සන සහිත අදාල ලිපියෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට අනුෂාංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරු ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුලු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාය හෝ අධිකරණ නිලධෘරීන් සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවය.
අදාල ගනුදෙනු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සිදු කළ යුතු බවත් වැඩිදුරටත් පවසා ඇත.