ගමන් මලු පරික්ෂා කර නිදහස් කිරීමට නොහැකි බව කියූ නිලධාරියාත් ඉවත් කරලා!
අරගලකරුවන්ට බිය වී රාජකාරිය නිසි ලෙස ඉටු නොකළායැයි චෝදනා කරමින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකු ස්ථාන මාරුවීම් හා සේවයෙන් ඉවත් කිරීම් පසුගිය කාලයේ සිදුකර ඇති බව පුවත්පත් වාර්තා කර ඇත.
කෙසේ නමුත් මේ ඉවත් කිරීම් බොහොමයක් අසාධාරණ වන නිසා ඔවුන්ට මූලික අයිතිවාසිකම් නඩු සහ වෙනත් අධිකරණමය කටයුතු හරහා අසාධාරණයට එරෙහි වීමේ හැකියාව ඇත.
රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජුලි 09 වන දින ගුවන් යානය ලබාදීම ප්‍රමාද කළ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුට සුථාන මාරු වීමක් ලබා දී ඇත. මෙලෙස රටින් පැන යෑම නීතිවිරෝධී බවට පැහැදිලි තර්ක ඇති නමුත්, එම නීතිවිරෝධී ක්‍රියාවට අනුබල නොදුන් නිලධාරීන්ට එලෙස පියවර ගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරයාට විදේශ ගත වීම සඳහා වීසා ලබා දීම ප්‍රමාද කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක්වද සේවයෙන් ඉවත් කර ඇත.
තවද අරගලයට පැමිණි පිරිස්වල බල කිරිම් මත දුම්ර්ය ධාවනයට අවසර ලබා දීම හා සේවා සැපයීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකුට ස්ථාන මාරුවක් ලබා දී ඇත. කොළඹට පමණක් තිබුණු නීතිවිරෝධී ඇඳිරි නීතියක් පදනම් කරගෙන කොළඹින් පිට ප්‍රදේශවල පවා දුම්රිය නැවැත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් වූ අතර, එම දුම්රිය කොළඹට ළඟා වීමට නියමිත කාලය වෙද්දී නීතිවිරෝධී ඇඳිරි නීතියත් ඉවත් කර තිබුණි
හිටපු ජනාධිපතිගේ ගමන් මලු පරික්ෂා කර නිදහස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම නිසා ශ්‍රි ලංකා රේගු ප්‍රධානියෙකුද තනතුරෙන් ඉවත් කර ඇත.
මේ ආකාරයෙන් නිලධාරීන් ඉවත් කර සහ මාරුවීම් ලබා දී ඇත්තේ අදාළ නිලධාරීන් අරගලකරුවන්ගේ බලපෑම මත තම රාජකාරිය පැහැර ඇති බවට රජයට තොරතුරු ලැබී ඇති බව කියමින් බව පුවත්වල සඳහන්ය.