මේ වන විට මහජනතාවට බියෙන් රටින් පළාගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහජන විරෝධතාවන් සඳහා ප්‍රකාශයට පත් කරන ලද ‘ විරෝධතා භූමිය” මින් ඉදිරියට තව දුරටත් විරෝධතා පැවැත්වීමේ හැකියාවක් නැති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසා ඇත.
විරෝධතාකරුවන් මාස හතරකට වැඩි කාලයක් භාවිතා කළ ගාලු මුදදොර භුමියේ ඉදිරියේදී නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය ඇතිව පමණක් පොදු උත්සව සඳහා භාවිතා කළ හැකි බව එම අධිකාරිය ” අරුණ” පුවත්පතට පවසා ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ‘අරුණ’ පුවත්පතට මෙසේ පවසා ඇත.
‘මේ ඉඩම අයිති නාගරික සංවර්ධන අධිකාරියට සහ රජයට. මේ කොටස්වල අපි තණකොළ වවලා තිබුණේ. නමුත් දැන් මේ භුමිය නැවත සකස් කළ යුතු වෙනවා. මේක ගාලු මුවදොර පිටියත් සමඟම එකට යාවෙන තණපිටියක් විධියට පවත්වගෙන යාමට තමයි අපි කටයුතු කරන්නේ.
මෙම භූමිය ඉදිරියේදී කිසිදු පාර්ශවයකට බදු දීමට හෝ ආයෝජන වෙනුවෙන් වෙන්කිරීමට සැලසුමක් නොමැති බවත් සදහන් කර ඇත.