ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන් ආදායමක් නැතිව, වියදම් අධිකව ඉතා අසීරු කාලසීමාවක් ගෙවද්දී හේලීස් සමාගම මේ මුදල් වර්ෂයේ (2022-2023 මාර්තු) දැවැන්ත ආදායමක් උපයපු බව ඒ සමූහයේ වාර්තාවල සටහන් වෙනවා.
මතක තියාගන්න මෙතැන හේලීස් කියන්නේ තනි සමාගමක් නෙවෙයි, සමාගම් ජාලයක්. අත් පිරිසිදු කරන දියර, රෙදි, ඉදිකිරීම්, කෘෂි, වතු, තේ අපනයනය, සිංගර් ආදී බඩු භාණ්ඩ අලෙවි කිරීම්, විනෝදාස්වාද, ප්‍රවාහන, ඉංජිනේරු, බලශක්ති ආදී ක්ෂේත්‍ර ගොඩක් ඔවුන්ට තියෙනවා. ඒ අතරින් සැලකිය යුතු ප්‍රමාණය් අපේ මිනිස්සු එක්ක එකතුවෙලා නිෂ්පාදන කරලා, පිටරට යවලා රටට ආදායම් උපයන ඒවා. ඇත්තටම ඒවායින් වැඩි වැඩියෙන් ලාභ උපයන එක ගැන සතුටු වෙන්න ඕනෑ. ඒත්, තව සැලකිය යුතු ප්‍රමාණයක් අපේ මිනිස්සුන්ට බඩුභාණ්ඩ හා සේවා විකුණලා මුදල් උපයන ඒවා. මිනිස්සු දුක් විඳිනකොට ඒවායින් මෙහෙම කාලෙක ලාභ හොයන්නෙ කොහොමද?
අපනයන, ප්‍රවාහන සහ සේවා සැපයීම් ක්ෂේත්‍රවල ඇතිවෙච්ච ලොකු වර්ධනයක් එක්ක රුපියල් බිලියන 123.64ක දැවැන්ත ආදායමක් ලැබූ බවත්, සාර්ව-ආර්ථික අභියෝගවලට ඔරොත්තු දෙන්න හැකි වූ බවත් ඔවුන් වාර්තා කරනවා.
කොහොමහරි ගිය අවුරුද්දට වඩා සීයට 75ක වර්ධනයක් මේ අවුරුද්දේ ලැබුවාලු.
මේ සමස්ත ආදායමෙන් සීට 50ක් පමණ අපනයන ආදායම්. පවිතරකරණය, රෙදිපිළි, සැනිටයිසර් වගේ හෑන්ඩ් ප්‍රොෙටක්ෂන් සහ ඉකෝ සොලියුෂන් වැඩවලින් සීයට 50ක ඒ අපනයන ආදායම වාර්තා කළාලු.
මිනිස්සු ඉලෙක්ට්‍රොනික් බඩු භාණ්ඩු ගැනීම විශාල වශයෙන් අඩු වුණත්, සිංගර් ආයතනයේ ආදායම අඩුවෙලා තියෙන්නේ සීයට 4කින් විතරයි.
විනෝදාස්වාද ක්ෂේත්‍රවල ආදායම ගිය කාර්තුවට වඩා ටිකක් වැඩිවුණාට, සමස්තයක් විදියට අඩුයිලු. සංචාරකයන් අඩු වීමත්, මිනිස්සු මුහුණදෙස අසීරු තත්වයනුත් ඒකට බලපාලා.
කොහොම වුණත්, අද මේ රටේ සාමාන්‍ය ජනතාව සහ බොහෝ පිරිස් මුහුණදෙන අසීරු තත්වයන්ට සමස්තයක් විදියට හේලීස් සමාගම වගේ දැවැන්ත සමාගම් මුහුණදෙන්නේ නැහැ.
අපි කුහක වෙන්න ඕනෑ නැහැ. බිස්නස් එකක් සාර්ථක වෙද්දී සුභපතමු!