මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග විදෙස් ගමනක් සඳහා කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයේ අවසරයක් නැතිව ඔහුට විදෙස් ගමන් යෑම තහනම් කර තිබේ. ඒ අනුව ඉදිරියේදී විදෙස් ගමනකට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීමන් කළේය. එම ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කළේය.
උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ මහත් වෙහෙසක් දරා බවත්, ඔහුට මීට පෙර ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූවත් ඔහු සහභාගී නොවූ බවත් කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එබැවින් ඔහුට විදෙස් ගමන් යෑමට අවසර දීමට විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.
කරුණු සලසා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා උදයංග වීරතුංග මහා විදෙස් ගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ශ්‍රී ලංකා හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ වංචා සම්බන්ධයෙන් 2007 වසරේ සිට සන්ඩේලීඩර් පුවත්පත හරහා අවස්ථා කිහිපයකදී අනාවරණය කළ අතර එම අනාවරණය කිරීම් හේතුවෙන් එහි කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය විය. (ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම වීඩියෝවේ විස්තර අන්තර්ගතව ඇත.)