Satahan Radio August 6, 2022 පුවත්, News වැරදි නීති පෙන්වා හිරුණිකා කූඩුවට නග්ගන පොලිසියේ උත්සාහය වරදී කොටුව ජනාධිපති මන්දිරය අසල විරෝධතා පැවැත්වීයැයි අධිකරණයෙන් ලැබුණු සිතාසි මත කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සැකකාරියක ලෙස විත්තිකූඩුවට නැග්ගවීමට ඉඩ නොදෙන බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ (5) මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියහ. නීතිඥ හිජාස් හිස්බුල්ලා, නීතිඥ හෆීල් ෆාරිස් සහ නීතිඥ ෆර්හාන් කාසිම් යන නීතිඥවරු ඇතුළු නීතිඥවරු පිරිසක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටියහ. ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතා පවත්වමින් අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු සපා කමින් බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන ලෙස කොළඹ කොටුව පොලිස් ස්ථානය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. නඩුව කැඳවමින් සැකකරුවන් ලෙස නම් කිරීමට ඉල්ලා සිටිත්තී සැකකරුවන් ලෙස නම් කරන පිරිස් විත්තිකූඩුවට ගොඩවීම සිදුවන අතර තම සේවාදායකයන් විත්තිකූඩුවට ගොඩවීමට පෙර මතුකරන මූලික විරෝධතාවය සලකා ඔවුන් මුදා හරින ලෙස නීතිඥ හෆීල් ෆාරිස් මහතා ප්‍රමුඛ නීතිඥවරු ඉල්ලා සිටියහ. පොලිසිය අවශ්‍ය වගන්ති අනුව අධිකරණයට කරුණු වාර්තා කළ නොහැකි බවත්, එලෙස වාර්තා කළ පමණින් සැකකරුවන් ලෙස නම් කළ නොහැකි බවත් කී නීතිඥවරු පොලිසිය ඉදිරිපත් කර ඇති නීති වගන්ති අනුව තම සේවාදායකයන් සැකකරුවන් ලෙස නම් කළ නොහැකි බව පෙන්වා දුන්හ. ඒ අනුව පොලිසිය කළ වාර්තා කිරීම විසි කරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියහ. කරුණු සැලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පොලිසියේ ඉල්ලීමට අදාලව කිසිම නියෝගයක් ලබා නොදෙන බව ප්‍රකාශ කළේය. ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කිරීමට අවසර නොලැබිණි. පොලිසියට අවශ්‍ය නම් වෙනත් කරුණු දැක්වීමක් ඉදිරියේදී සිදු කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. ජනාධිපති මන්දිරය ඉදිරිපිට ජූලි හය වැනිදා සාමකාමී විරෝධතාවක් පවත්වමින් සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිස බලහත්කාරයෙන් බස් රථවලට නංවාගෙන පොලිසියට රැගෙන ගොස් පොලිස් ඇප මත මුදා හැරිණි. එම සිදුවීම වාර්තා කිරීමට පොලිසිය සහ හමුදාව ජනමාධ්‍යවෙත ඉඩ ලබා දුන්නේ නෑ. එලෙස ඉඩ නොදීම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද කර තිබේ. Share this:Click to share on Facebook (Opens in new window)Click to share on WhatsApp (Opens in new window)Click to share on Telegram (Opens in new window)Click to share on Twitter (Opens in new window)Click to email a link to a friend (Opens in new window)Click to share on Reddit (Opens in new window)