එංගලන්තයේ බර්මිංහැම්වල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ගැන ජයග්‍රාහී කතාවලට ප්‍රධාන මාධ්‍ය අවධානයක් දෙන අස්සේ ආණ්ඩුව හංගන්නට උනන්දුවෙන කතාවක් තමයි ක්‍රීඩකයන් සහ නිලධාරීන් ආයෙත් මේ කඩාවැටුණු රටට එන්න බැරිව හැංගෙන එක.
මේ වෙද්දී තුන්වැනි ක්‍රීඩකයාත් එංගලන්තයේ හැංගිලා. නිලධාරියෙකුත් හැංගුණ නිසා, හැංගුණ සංඛ්‍යාව හතරදෙනෙක්. මෙහෙම ක්‍රීඩකයන් සහ නිලධාරීන් හැංගෙන එක වළක්වන්න හැමෝගේම පාස්පෝට් ටිකත් එකතු කරගෙනලු ඉන්නේ.
මේ කියන තුන්වැනි ක්‍රීඩකයා බොක්සින් ක්‍රීඩකයෙක්. පාස්පෝට් එකතු කළාට පස්සේ පාස්පෝට් එකක්වත් නැතිව තමයි ඔහු හැංගිලා තියෙන්නේ. මේ රට නියෝජනය කරලා ජාත්‍යන්තරයට ගිය ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට තමන්ගෙ අනන්‍යතාවත් නැති කරගෙන හැංගෙන්න හිතෙන එක රටකට ආඩම්බරයක් නෙවෙයි. ඛේදවාචකයක්.
රනිල් වික්‍රමසිංහ බෙල්ලටම හිරවෙච්ච ලාංකිකයන්ට දැන් කියන්නේ මීට පෙර අත් නොවිඳපු විදියේ දුෂ්කර කාලෙකට ඉදිරි මාස හයේ මුහුණදෙන්න වේවි කියල. ඇත්තටම ආර්ථික පීඩාවන්ට අමතරව පාතාල තර්ජන පවා වැඩිවෙලා. මිනී පාවෙනවා. ඒත් පොලීසිය තමන්ගෙ මුළු සේනාවම යොදවලා තියෙන්නේ ජෝසෆ් ස්ටාලින්ලා අල්ලන්න. ජනාධිපති මන්දිරේ සෙල්ෆි ගහපු අය අල්ලන්න. ගෝඨාගෙ මෙට්ටෙ පුප තිබ්බ එකා අල්ලන්න.
මේ වෙද්දී නීතිවිරෝධී විදියට රටින් පනින්න උත්සාහ කරන මිනිස්සු බොහොමයි. ඒවා අහු වෙන අවස්ථා වගේම හසු නොවී පැනගන්න අවස්ථාත් බොහොමයක් විය හැකියි. නීතිවිරෝධී විදියට රටින් පිටවෙන්න ගිය 13 දෙනෙක් 05 වැනිදා තලෙයිමන්නාරම ආශ්‍රිතව අත්අඩංගුවට අරන් තිබුණා.
පහුගිය සතියක විතර කාලයක් තුළ මැලේසියාවට සංචාරක වීසා අරන් ගිහින් නවතින්න උත්සාහ කරපු 20ක් විතර එරටින් හරවා එවා තිබුණා.
හෙට අනිද්දා ලංකාවට වඩා හොඳයි කියා ලංකාවෙන් ඇෆ්ගනිස්ථානෙට පනින්න ට්‍රයි කරන මිනිස්සු පවා හසු වේවි.
ආඩම්බරයි!