පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන අදහස් දක්වමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් රට හදන වැඩපිළිවෙලක් ඉල්ලා සිටියා.
ඔහු කීවේ ආණ්ඩුව බාරගන්න කියා විපක්ෂයට කීවත්, විපක්ෂය බාර නොගත් බව. ගෝඨාභය රාජපක්ෂ ඉන්නතුරු ආණ්ඩු කරන්න බැරි බව මිසක්, ආණ්ඩුව බාර ගන්න බැරි බවක් විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් කියා නැතත්, නිමල් ලාන්සා කීවේ එහෙම කතාවක්.
පවතින ආර්ථික, දේශපාලන අර්බුද විසඳීම විධායකයේ වගකීම වුණත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා දමා අර්බුද විසඳන්න කියලාත් නිමල් ලාන්සා යෝජනා කළා.
ඔහුට අනුව දැන් ප්‍රශ්නය ආණ්ඩුවට වැඩක් කරන්න බැරිකම නෙවෙයි, විපක්ෂය යෝජනා ඉදිරිපත් නොකිරීම.