කොළඹ නෙළුම් කුළුණේ ෆවුන්ඩේෂන් සහ ටවර් හවුස් යන කොටස් බදු හෝ කුලී පදනම මත ලබාදෙන්න තීරණය කරලා තියෙන බව කොළඹ නෙළුම කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම තීන්දු කරලා තියෙනවා.
ඒ කියන්නේ මහින්ද රාජක්ෂගේ පුරුෂ ලිංගයේ කොටස් බදු දෙනවා. ඊට පස්සේ මේ දැවැන්ත පුරුෂ ලිංගය ලිංගික ක්‍රියා අරඹන්න නියමිතයි. ඒ ගැන අර්ථකතනය මේ ප්‍රවෘත්තිය කියල ඉවරවෙලා දෙන්නං. හැබැයි අර්ථකතනය වැඩිහිටියන්ට පමණයි.
එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මීටර 350 ක උසකින් යුතු කොළඹ අගනුවර මධ්‍යයේ පිහිටා තිබෙන මෙම කුළුණ ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයක් ලෙස විවෘත වන විට විශාල විදේශීය සහ දේශීය නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරන ආකාරයේ සුවිශේෂී එකක් වනු ඇති බව.
නෙළුම් කුළුණේ යට තට්ටුවේ ස්මාරක අලෙවිසැලක් දානවාලු. භෝජනාගාර තුනක් දානවාලු. ප්‍රදර්ශන පවත්වන ගැලරියක් දානවාලු. ඩිජිටල් බෑන්කින් යුනිට්ස් 5ක් දානවාලු. ඊ-ස්පේට් කරන ප්ලැට්ෆෝම් එකක් දානවාලු. කොෆී ෂොප් 3ක් දානවාලු. නවෝත්පාදන මධ්‍යස්ථාන කියලා මොනවහරි කුටි 3ක් දානවාලු. 7ඩී ෆිල්ම් හෝල් එකක් දානවාලු. ඩිජිටල් කෞතුකාගාරයක් දානවාලු.
දෙවැනි තට්ටුවේ උත්සව ශාලාවක්ලු. ප්‍රදර්ශන කලාපයක් සහ රැස්වීම් කලාපයක් තියෙනවාලු.
ඊට අමතරව නෙළුම් කුළුණ රූෆ්ටොප් එකේ අවන්හල් 5ක් බදු දෙනවාලු.
තුන්වැනි තට්ටුවේ ඉදන් හයවැනි තට්ටුව වෙනකල් ‘ටවර් හවුස්’ කියන කෑල්ලලු. ඒකෙත් ඉතිං උත්සව ශාලා, අවන්හල් තියෙනවලු. පස්වැනි තට්ටුවෙත් කැරකෙන අවන්හලක් තියෙනවලු. හයවෙනි තට්ටුවේ ලක්ෂරි කාමර තියෙනවලු.
ඉතිං, මේවා බදු අරං බිස්නස් කරන්න කැමති කට්ටියට එන්නලු.
ඔන්න ඔය විදියට රාජපක්ෂලාගෙ පුරුෂ ලිංගය බදු දෙනවා.
බැලූ බැල්මට තේරෙනවා ඇති. පහුගිය කාලෙ කලම්බු සිටි සෙන්ටර්, වන් ගෝල්ෆේස් සහ තවත් නම් ගණනාවකින් ලංකාවෙ මිනිස්සු ‘එන්ජෝයි’ කරන සීමාවත් ඉක්මවමින් හදපු සාමාන්‍ය මිනිස්සුන්ට දරන්න බැරි විදියේ මිල අධික අවන්හල් ආදියත්, අර නෙළුම් පොකුණ වගේ හදපු කලාව කරන එකෙක්ට ජීවිතේට වැඩකට ගන්න බැරි තරම් මිල අධික ගැලරි වගේ ඒවත්, එකපාරක් බැලුවම ආයෙ ජීවිතේට බලන්න උනන්දුවක් ඇති වෙන්නෙ නැති ජාතියෙ බෝරිං කෞතුකාගාර එක්ක, බෝඩ් ලෑල්ල ඇරුණාම වෙන කිසිම තේරුමක් නැති නවෝත්පාදන මගුල් තමයි ඊළඟට එන්නේ.
විශේෂයෙන් මේ වගේ කාලෙක, අපි වගේ අමාරුවෙං සල්ලි හම්බ කරලා ඔය වගේ තැංවලට ගිහිං චිත්‍රපටියක් බලල, (හොයල හොයල ගාණ අඩුම) බීම එකක් බීපු කොළඹ රස්සා කරන තරුණ පරම්පරාවටත් දැං හොඳ එකෙං කෙළවෙලා තියෙන්නෙ. ටික්ටොක් කරන නංගිලා, මල්ලිලා සහ ඇන්ටිලා, අංකල්ලට පුළුවන් කැරකෙන අවන්හලේ කැරකි කැරකි ටික්ටොක් එකක් දාන්න. ඒත්, මේ තරම් වියදමක් කරලා හදපු එකකින් ටික්ටොක් ආතල් විතරක් ලැබෙනවා නං ප්‍රයෝජනයක් නෑ..
සල්ලි තියෙන උංට වෙඩිං ගන්න ෂැංග්‍රිලා සහ තව හැටහුටහමාරක් ෆැන්සි නම් සහිත උත්සව ශාලාවලට අමතරව මේ පුරුෂ ලිංගයේ හදාගත්ත අලුත් උත්සව ශාලා පාවිච්චි කරන්න පුළුවන් වේවි. සමහරවිට ඒකෙන් මෙතෙක් තිබුණ ඉදිකිරීම්වලටම හිටපු කස්ටමර්ස්ලා බෙදිලා යාවි. වන් ගෝල්ෆේස් වගේ ඒවාට ගිහිං ඒවායෙ ෆැන්සි පෙනුම දිහා ඇස් නිලංකාර කරං බලං ඉඳලා ආපු අය ඒ වෙනුවට නෙළුම් කුළුණට යාවි.
සංචාරකයො? උං ලංකාවට එන්නෙ ‘පැරඩයිස් අයිලන්ඩ්’ එක බලන්න මිසක් රාජපක්ෂලාගෙ පුරුෂ ලිංගය උඩට නැගල කොළඹ බලන්න නෙවෙයි. උස බිල්ඩිනුයි, අවන්හලුයි උංගෙ රටවලත් තියෙනවා. වන් ගෝල්ෆේස් වගේ තැන්වලට පවා අද යන්නෙ සංචාරකයො නෙවෙයි. ලංකාවෙ උං.
නෙළුම් කුළුණ රාජපක්ෂ පවුලේ, විශේෂයෙන් මහින්ද රාජපක්ෂගේ ‘ෆැලික්’ (phallic) ගෘහ නිර්මාණ අතර අග්‍රඵලය. ලෝක ඉතිහාසය පුරා පිරිමි පාලකයන් තමන්ගේ බලය හුවා දක්වන්නට පුරුෂ ලිංග වාගේ ඉහළට එසවුණු ගෘහ නිර්මාණ කළ අවස්ථා තිබෙනවා. ඒ, එවැනි පාලකයන්ගේ පුරුෂ ලිංගික ශක්තිය, ලිංගික ආකර්ෂණය ආදිය ඉස්මතු කරන ප්‍රචාරක ව්‍යාපෘතතිවලට අමතරව, ඉදිකිරීම්වලිනුත් ඒ පුුරුෂ ලිංගිකත්වයක් මවා පෙන්වීමේ කොටසක් විදියට. ‘තඩි පිරිමි’ විදියට ඉස්මතුවෙලා, ඒ පිරිමිකම උඩදාගෙන බලය ගැනීම පිටිපස්සේ දේශපාලනයක් තියෙනවා.
මේවා දේශපාලනය වගේම සමාජයීය වශයෙනුත් මනෝ විශ්ලේෂණයේදී හඳුනාගත් ඒවා. අපි සෑහෙන සරල විදියට ගත්තොත් එහෙම, පාලකයා ඒ විදියට තමන්ගෙ පිරිමිකම සහ සංකේතාත්මකව පුරුෂ ලිංගිකත්වය ඉස්මතු කරද්දී, රටවැසියා හැමවිටම ඒ පුරුෂ ලිංගිකත්වයට යටත් වෙන ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වෙනවා. අර ‘අරිනවා සහ ඇරියා’ වගේ වචන අපි දැන් රාජපක්ෂලා ගැන කතා කරද්දී පාවිච්චි කරනවානේ. ඔය ජාතියේ පාලකයෝ තමයි අරින්නෝ. රටවැසියන් ඇරීමට ලක් වන්නන්.
ඒක නිසා තමයි රාජපක්ෂලා බලයට එද්දී තිබුණාට වඩා දැවැන්ත පුරුෂ ලිංග වාගේ කොළඹ නගරයේ ඉහළට එසවුණු ඉදිකිරීම් ගණනාවක් තියෙන්නේ. ඔය සමහර ඉදිකිරිම් අපි මෙතැන කීවා වගේ කිසි තේරුමක් නැති ඒවා.
ඇත්තටම මහින්ද රාජපක්ෂ මුල් කාලයෙ ඉඳන් නෙළුම් පොහොට්ටුව තමන්ගෙ සංකේතය විදියට පාවිච්චි කිරීම පිටිපස්සෙත් තියෙනවා ඒ ලිංගික අවයව සංකේතයේ වුවමනාව. පහළ හිනි, උඩින් මහත නෙළුම් පොහොට්ටුවේ හැඩය තමන්ගේ ලිංගික අවයවවල හැඩය විදියට කියාපාන්න රාජපක්ෂලාට ඕනෑ ඇති.
දැවැන්ත සුපිරි වෙළඳසැල්, අපාට්මන්ස්ට් ආදිය ඔය සමහර ඉදිකිරීම්වල තියෙනවා. ඒත්, ඇත්තටම ලංකාවේ පීනන්න ධනය උපයපු ලුම්පන් ධනවතුන් තමන් ජීවත්වෙන ගෙවල්වලට අමතරව තව ෂැංග්‍රිලා එකෙනුයි, අරකෙනුයි මේකෙනුයි දෙවැනි, තුන්වැනි, හතරවැනි අපාට්මන්ට් අර රම්‍ය සුරම්‍ය සුභ වගේ අධිපරිභෝජනයට හදාගත්තා මිස ඔය මහා වියදමක් ගියපු ඉදිකිරීම්වලින් වෙච්ච ලබ්බක් නෑ. ඕවා හදන කාලෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රස්සා කරපු අයගේ ශ්‍රමය හූරාකෑම තමයි ඊට අමතරව සිද්ධ වුණේ.
ආ, ඒ ඔක්කොටම වඩා කොළඹ නගරයෙන් පැනනැගුණ එක එක සයිස්වල පුරුෂ ලිංග ටික ‘සංවර්ධනය කියන’ නාමයෙන් ලාංකිකයන්ගෙ ඇස් අන්ධ කරවලා, ඊට පස්සේ අර රාජපක්ෂලාගෙ දේශපාලනය පෝෂණය කරන්න උදව් වුණා.
කොහොම හරි ඒ පුරුෂ ලිංග සියල්ල අතරින්, රාජපක්ෂලාට වැදගත්ම එක වුණේ නෙළුම් කුළුණ. මොකද, රට්ටුන්ට මහින්ද රාජපක්ෂගේ පුරුෂ ලිංගයේ හැඩය (පහළ හීනි, උඩින් මහත ඒ හැඩය ලිංගික ක්‍රියාවන්ට උචිතම හැඩයක්.) නෙළුම් පොහොට්ටුවක් වගේය කියලා, කියාපාපු නෙළුම් කුළුණ රාජපක්ෂලාට සංකේතයක් විදියට වැදගත් වුණා.
ඒත් ඇත්තටම මේ මහා පුරුෂ ලිංගය වඳයි. ඒ කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නෑ. ගිය වියදමේ හැටියට ලාභ උපයන්න ක්‍රමයක් නෑ. ඔය උඩ කියලා තියෙන කිසිදෙයක්, මේ තරම් දැවැන්ත ව්‍යාපෘතියක වියදං ආවරණය කරන්න ප්‍රමාණවත් නෑ.
නැවත ලිංගික සංකේතවලටම බැස්සොත් එහෙම, මේ පුරුෂ ලිංගයෙන් පිටවෙන්න ඕනෑ දේ පිටවෙන්නෙ නෑ. වඳයි.
දැවැන්ත නිසාත්, හැඩය නිසාත්, සෑහෙන ආතල් තමයි. මෙහෙම පුරුෂ ලිංගයක් එක්ක ජීවත්වෙන්න ලැබුණොත්, ගමේ ලොකුම අවයවය තියෙන පිරිමියා එක්ක ජීවත්වෙනවා කියලා, කාන්තාවකට විඳින්න තිබුණ මේවවා එක වගේම, කොළඹ මේ නෙළුම් කුළුණ තිබීම ඇතුළේ දකුණු ආසියාවේ ලොකුම එක තියෙනවා කියලා ලාංකිකයනුත් මෙව්ව එකක් වින්දා. ඒත්, කල් යද්දී ආතල් එක ඉවරවෙනවා. පුරුෂ ලිංගයක වෙනත් ප්‍රයෝ්ජන ඉටු කරගන්න ඕනෑ වෙනවා.
ආයෙමත් සංකේතය රාජපක්ෂලාට ආදේශ කරමු. ඒ පවුලත් එහෙම තමයි. ආතල්! මහින්ද රාජපක්ෂ එහෙම යුද්ධෙ ඉවර කරපු කාලෙ ඉඳන් ලාංකිකයන්ට මාර ආතල් එකක් දුන්නා. රාජපක්ෂලා ගැන විවිධ ප්‍රබන්ධ මැව්වා. ඒවායෙ ආතල් එක තිබුණා. ඒත්, අන්තිමේ රට මෙතැනට වැටුණා.
අද රාජපක්ෂලාගේ පුරුෂ ලිංගය බදු දෙනවා. බලමු ඉතින්, ඕකෙ සයිස් එකේ හැටියට වැඩක් තියේවිද කියලා.
මේ ඉදිකිරීම ගැන අපි කලින් පළකරපු සටහනක් පහත දාන්නම්.
//ශ්‍රී ලංකාවේ අධික මුදලක් වැය කරමින් නෙළුම් කුලන ඉදි කරද්දී රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවී තිබුණි. නෙළුම් කුලුන ඉදි කරද්දී සිදුවූ අක්‍රමිකතා කිහිපයක් පහත දැක්වේ.
- නෙළුම් කුලුන ව්‍යාපෘතිය ආරම්භ කරද්දී එය ආරම්භ කර ඇත්තේ නිසි ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවකින් තොරවය.
- ආරම්භ කරද්දී මූල්‍ය ශඛ්‍යතා අධ්‍යයනයක් සිදු කළ බව කීවද එය අඩුපාඩු රැසකින් සමන්විතය.
- ව්‍යාපෘතියේ ණය ගැනුම් පිරිවැය රුපියල් 502,160,192ක් (කෝටි පනහක්) අඩුවෙන් පෙන්වා තිබිණි.
- ණය මුදලෙන් සියයට 4ක් එනම් රුපියල් 463,164,609ක් රක්ෂණ පිරිවැය ලෙස ලෙඛනවල පෙන්වා 2013 වසරේ දී රුපියල් 1,144,984,805ක් (කෝටි 114) ගෙවා තිබිණි. එය මුළු ණ්‍ය මුදලෙන් සියයට 11.64ක් වන අතර ඒ අනුව මූල්‍ය ශඛ්‍යතා අධ්‍යයන වාර්තාවේ රුපියල් 681,819,196ක් (කෝටි 16) අඩුවෙන් පෙන්වා තිබිණි.
- ඉඩම නීත්‍යනුකූල පවරා ගැනීමකින් තොරව අමාත්‍ය මණ්ඩල තීරණවලට පරිබාහිරව යමින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 2250ක් ගෙවා තිබිණි. 6) රුපියල් 91,880,012ක (කෝටි 09ක්) එකඟතා ගාස්තුවක් වැඩිපුර ගෙවා ඇත.
- නියමිත කාලයේදී ණය මුදල් ලබා නොගැනීම නිසා අමතර එකඟතා ගාස්තු ලෙස රුපියල් 49,607,091ක් (ලක්ෂ 49ක්) ගෙවා තිබේ.
- අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නැතිව උපදේශන ගාස්තු ලෙස රුපියල් 150,000,000ක් (කෝටි 15)ගෙවා ඇත.
- උපදේශන ගාස්තු ලෙස සැලසුම් සහගත සීමාවන් ඉක්ම යමින් රුපියල් මිලියන 150ක් ගෙවා තිබේ.
- උපදේශන ගාස්තු ගෙවීම් ගිවිසුම් කොන්දේසි විධිවිධානවලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කර මසකට රුපියල් 3,000,000 බැගින් වසර කිහිපයක් ගෙවා ඇත.
- නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ අනුව කොන්ත්‍රාත් ගිවිසුම සංශෝධනය කර නොතිබිණි.
- කොන්ත්‍රාත්තුව ලබා දුන් සමාගමේ ව්‍යාපාරික විෂය පථයට බහු සම්ප්‍රේෂන කුළුණු ඉදිකිරීම් හෝ විශාල ප්‍රමාණයේ කොන්ත්‍රාත් කිරීම් ඇතුත් වී නැතිව තිබියදී එලෙස නැති සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීමට තෝරා ගැනීම.
- අමාත්‍ය මණ්ඩල අනුමැතිය නැතිව කොන්ත්‍රාත්කාලය වරින් වර දීර්ඝ කිරීම.
- නෙළුම් කුළුණ ඉදිකිරීම් ප්‍රගතිය පහළ මට්ටමක පවතින බව විගණනයෙන් දිගින් දිටම පෙන්වා දුන්නද ඒවා ගණන් නොගැනීම.
- නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාර්ය මණ්ඩයේ නිලධාරීන් 05 දෙනකු සඳහා භාණ්ඩාගාර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබිණි.
- විදුලි සංදේශ පනත ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමක් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවද කොමිෂන් සභාවට ආයතනයක් පිහිටුවීම සඳහා පනතට පිටින් ගොස් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.
- කොලඹ නෙළුම් කුළුණ දේපොළ කළමනාකරණ සමාගමකට බදු දීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබිණි.
- රුපියල් බිලිය 04ක ආයෝජනයක් මත ඉදි කරන යෝජිත රථගාල් සංකීර්ණය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබිණි.//