උගන්ඩාවේ මූල්‍ය කර්මාන්තය අසාදු ලේඛනගත කිරීමට (Black List – බ්ලැක් ලිස්ට්) ජාත්‍යන්තර පද්ධති පියවර ගෙන ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි.
මුදල් විශුද්ධිකරණය (money laundering – කළු සල්ලි සුදු කිරීම) යනාදී මූල්‍ය අපරාධ වැළැක්වීමට ඵලදායීව පියවර නොගැනීම හේතුවෙන් මෙලෙස උගන්ඩාවේ මූල්‍ය කර්මාන්තය අසාදු ලේඛනගත කිරීමට පියවර ගෙන ඇත.
මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකායේ අවශ්‍යතාවයකි (Financial Action Task Force (FATF)).
මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය ජී7 (G7) රටවල සංවිධානයේ ක්‍රියාන්විතයකි.
උගන්ඩාව මීට පෙර අළු ලැයිස්තුවට (Grey List) දමා තිබිණි. අළු ලැයිස්තුව යනු රටවල මූල්‍ය පද්ධතිවල අවදානම් තත්ත්ව, සහ ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාර්යාසාධනය පෙන්නුම් කරන ලැයිස්තුවකි.
උගන්ඩාව මෙලෙස අළු ලැයිස්තුවට ඇතුළත් වූයේ උගන්ඩාවේ මුදල් අමාත්‍යාංශය, මූල්‍ය බුද්ධි ඒකකය සහ තවත් රාජය නොවන සංවිධාන කිහිපයක් එක්ව 2018 වසරේ දී ලබාදුන් වාර්තාව ප්‍රතික්ෂේප වීමත් සමඟ ය.
උගන්ඩාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් අදාළ වාර්තාව සකස් කර තිබූ අතර මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කළේ ය.
යුරෝපා සංගමය මෙලෙස උගන්ඩාවේ මූල්‍ය ක්ෂේත්‍රය කළු ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ එය පදනම් කරගෙන ය.
මේ අනුව උගන්ඩාවෙන් පටන් ගන්නා/ආරම්භ වන හෝ උගන්ඩාවේ මූල්‍ය පද්ධතිය හරහා සිදුවන ගනුදෙනු, උගන්ඩාවෙන් හෝ උගන්ඩාවට පැමිණෙන මුදල්වලට ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිවලින් වෙනදාට වඩා දැඩි පරීක්ෂාවකට ලක්වනු ඇත. මේ නිසා ව්‍යාපාරික ගනුදෙනුවල ප්‍රමාද ද සිදුවනු ඇත.
ව්‍යාපාරික ගනුදෙනුවල සිදුවන ප්‍රමාද නිසා, ව්‍යාපාර කිරීමේ පිරිවැය ද වැඩි වේ.
කෙසේ නමුත්, රටක් අසාදු ලේඛනගත වූ විට, රටවල් හෝ අනෙකුත් මූල්‍ය – අධිකරණ බල මඟින් ඇතැම් ගනුදෙනු ද අවහිර කරනු ඇත. රටවලට සහ අනෙකුත් මූල්‍ය – අධිකරණ බලාධිකාරිවලට මුදල්වල මුලාශ්‍රය හෝ ඒවායේ ගමනාන්තය හෝ අදාළ මුදල් සහ මුදල් විශුද්ධිකරණය අතර කිසිදු සම්බන්ධයක් නැති බව තහවුරු කළ නොහැකි ඒවාට ද මේවා බලපාන බව ඔවුහු පෙන්වාදෙති.
තවදුරටත් “අසාදු ලේඛනගත වීම”, පහළට ශ්‍රේණිගත වීම වැළැක්වීම සඳහා උගන්ඩාව මේ වසරේ මැයි මාසයේ දී සංස්කරණය/සංශෝධනය කළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. එමඟින් වාර්තාවේ ඇති අඩුපාඩු සකසා, නිවැරැදි කිරීම් සහ වැඩිදියුණු කිරීම් කර අලුත් වාර්තාව ඉදිරිපත් කළ යුතු ය.
අළු ලැයිස්තුවේ ඇති රටවල් ඊට ඇතුළත් වන්නේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්වීමට නොහැකි නිසා. එපමණක් නොව අදාළ රටවල් යාවත්කාලීන නොවීම ද ඊට ඇතුළත් වීමට හේතුවක් යැයි එහි දැක්වේ.
ඩේලිමිරර් වාර්තා Uganda to be blacklisted over money laundering