යුද හමුදාවේ පිරිසක් උද්ඝෝෂකයන් ලෙස ගාලුමුවදොරට එවීමට සූදානම් වන බවට ප්‍රචාරය වූ වීඩියෝව සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (16) සවස ගනේමුල්ල කඩවත පාරේ පිහිටි යුද හමුදා කඳවුරට ගොස් තිබේ.
මෙම පිරිස පැයකට අධික කාලයක් එම ස්ථානයේ පරීක්ෂා කිරීම් කර ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇතැයි යුද හමුදාවේ සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.