මුම්බායිහිදීය/නවදිල්ලියේදීය (රොයිටර්ස්)
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක තවත් මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව සූදානම් යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ආරංචි මාර්ග පහක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.
ආහාර, ඉන්ධන, ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙම මුදල ලැබෙන බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇතැයි ද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීමට චීනය පසුගිය කාලයේ දී සමත් වූ අතර එය තමන් සතු කරගැනීමේ උත්සහායක ඉන්දියාව නිරත වී සිටින බව ද රොයිටර්ස් පුවත් වාර්තාවේ දැක්වේ.
වසර 1948 දී නිදහස ලබාගැනීමෙන් පසුව මුහුණ දුන් නරකම සහ දරුණුම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාවට මුහුණ දී ඇ.
ශ්‍රී ලංකාව මේ වනවිට ණය නොගෙවීම් අවදානමට පත්වීමට ඔන්න මෙන්න තිබෙන අවස්ථාවක ආහාර සහ බලශක්ති යන අවශ්‍යතා සපුරාගැනීමට ඉන්දියාව සහ චීනය ඇතුළු මිත්‍ර රටවලින් ණය පහසුකම් ඉල්ලා ඇත.
ඉන්දියාව සහ චීනය යනු ආසියාවේ බලවතුන් වන අතර ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවට බිලියන ගණනින් මූල්‍ය සහාය සපයා ඇත.
“අපි ඇත්ත වශයෙන්ම ඔවුන්ට උදව් වීමට සූදානම්. ඔවුන්ට තවත් මුදල් හුවමාරු සහ ණය පහසුකම් ලබාදීමට අපි සූදානම්” ශ්‍රී ලංකාව සමඟ කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන් අවබෝධයක් ඇති ඉන්දීය ආරංචි මාර්ගයකින් කියැවිණි.
ශ්‍රී ලංකාවට ණය නොගෙවීමේ තත්ත්වයට පත්වීම කනගාටුවට කරුණක් වුව ද මුදල් හුවමාරු සහ අනෙකුත් සහාය යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ලබාදීමට ඉන්දියාවට තවමත් හැකියාව තිබෙන බව ඉන්දීය රජයේ ආරංචි මාර්ගයක් සඳහන් කළේ ය.
ඉන්දියාවට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් පියවීම සඳහා මෙලෙස ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ලැබෙන තවත් ආරංචි මාර්ගයකින් කියැවුණු අතර ඒෂියන් ක්ලියරින් සංගමයට ගෙවිය යුතු ණය මුදලක් සඳහා මෙය ලැබෙන බව හෙතෙම කීය.
මෙම මුදල ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිචාරය ධනාත්මක යැයි ද ඔහු කීය.
ණය, ණය පහසුකම්, සහ මුදල් හුවමාරු ලෙස ඉන්දියාව මෙතෙක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූල්‍ය සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9කට ආසන්න වේ. ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඉන්ධන සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ඉල්ලා ඇත.
චීනය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3ක ණය මුදලක් සහ යුවාන් මුදල් ඒකකයෙන් ක්‍රියාත්මක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදල් හුවමාරු පහසුකමක් ලබා දී ඇත. තවදුරටත් ණය සහ මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව චීනය සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි.
ශ්‍රී ලංකාව, චීනය සමඟ තිබෙන සම්බන්ධතා නවතා දමනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වන බව ද එක් ආරංචි මාර්ගයකින් කියැවිණි.
ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතු ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 10.8කි. චීනය ශ්‍රී ලංකාවේ වරාය සහ මහා මාර්ගවල ද ආයෝජනය කර ඇත.
“ඔවුන් (ශ්‍රී ලංකාව) චීනයට ණය වී ඇති ප්‍රමාණය (ණය මට්ටම්) අඩු කරන්න අවශ්‍ය යි. ඔවුන් අපේ ශක්තිමත් පාර්ශවකරුවන් කරගන්න අවශ්‍ය” යැයි ද ඉහත කී මූලාශ්‍රයෙන් කියැවිණි.
රොයිටර්ස් ඇසුරිනි