ලොකු හාමුදුරුලා කියන නිසා එනවා! ඉරාජ්ලා, ඩෑන්ලා සංවිධානය කළ, ගෝල්ෆේස් සටනට ජාතිවාදී ලේබල් අලවන්න හැදූ, පාගමනට ආ හිමිවරු කියති

මේ වෙද්දී ගෝඨාගෝගම ලෙස නම් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතා පැවැත්වෙන ස්ථානයට ප්‍රතිවිරුද්ධව ඉරාජ් වීරරත්න, ඩෑන් ප්‍රියසාද් සහ තවත් හිමිවරුන් පිරිසක් සංවිධානය කළ පාගමනකට පැමිණි සාමණේර හිමිවරු පිරිසක් එම පාගමනට විරෝධය පාමින් ඉවත් වී තිබේ.

පැමිණි සාමණේර හිමිවරුන් පිරිසක් ‘අපි ලොකු හාමුදුරුලා කියන දේවල් කරගෙන ඉන්නවා. තනි තීරණයක් ගන්න බැහැ කාටවත්. අපි ඉතින් පොඩියිනේ අයියේ. අපිත් ඉතින් මෙතැනින් නතර වෙනවා.’ කියමින් එම සාමණේර හිමිවරුන් ඉවත් වෙන බව පවසන අයුරු තරුණයෙකු විසින් රහසිගතව පටිගත කළ වීඩියෝවක සටහන් වී ඇත.

‘රටේ සමහරක් පඩස්තර යූටියුබ්කාරයන් සහ පඩස්තර මාධ්‍ය හිතනවා ඇති එවුන්ගේ මාධ්‍යවලින් සංදර්ශන දාපුවාම මේ රටේ මහා සංඝරත්නය සිවුරු ගලවලා හැංගෙයි කියලා. දැන් හිතෙනවා මේ රටේ මහානායක රංජිත්, අනුනායක සන්නස්ගලද කියලා. පොඩි හිමි රැට්ටා තමයි ඉන්නේ. තොපිට බය නෑ අපි. මේ රටේ සිංහල මිනිස්සු බය නෑ.’ ආදී වශයෙන් ගෝල්ෆේස් විරෝධතාකරුවන් අතර සිටි ජනප්‍රිය පුද්ගලයන් එක්කෙනෙකු දෙන්නෙකු අල්ලාගෙන කතන්දර ගොඩගැසීමට

‘රැල්ල නතර වෙච්ච දවසට වැල්ල දිගේ දුවන්න දෙන්නේ’ කියමින් තර්ජනය කරන හැටි දක්නට ලැබුණා.

ඊට අමතරව මෙම විරෝධතාවේ සිටි කතෝලික සමාජය නියෝජනය කරන පිරිස් සහ මුස්ලිම් ජනතාව අල්ලාගෙන මෙය එම ආගම්වල අය සංවිධානය කරන එකක් හෝ, ඔවුන්ගේ වුවමනාවට කරන එකක් විදියට හුවා දක්වන්නත් මේ අය උත්සාහ කරනු දක්නට ලැබුණා. ඇත්තටම ගෝල්ෆේස් වෙත පැමිණි බෞද්ධ හිමිවරුන් සංඛ්‍යාව සාපේක්ෂව ටිකක් අඩුයි. එහෙත්, ඇත්තටම එතැනට ආපු බෞද්ධ හිමිවරුන් ප්‍රමාණයකුත් හිටියා. ජාතිවාදය ඇවිස්සූ හිමිවරුන්ටත්, රාජපක්ෂලා ගේන්න මැදි වූ හිමිවරුන්ටත් දැන් මෙතැනට එන්න බැරි ප්‍රශ්නයකුයි තියෙන්නේ. එහෙත්, මෙතැන හිටපු අතිබහුතරය සිංහල බෞද්ධ ජාතිකවාදය මත පදනම්ව කාලයක් තිස්සේ රාජපක්ෂලාටත් ඡන්දය දුන් අය.

දැන් හිමිවරුන්ට රිදෙන්නේ තමන්ගේ ජාතිවාදී කතන්දරවලට, ඒ රැල්ලට හසු නොවී සියලුදෙනා සාමූහිකව අරගල කිරීම ගැන. අරගල භූමියේ මුස්ලිම්වරුන්ට ආගමික වන්දනා කරන්නට ඉඩ ලැබීම ගැන. එක් හිමිනමක්, මුස්ලිම්වරුන්ට අරගල බිමට නොපැමිණ ගෙදර සිටින ලෙස කියන අයුරුත් දක්නට ලැබුණා.