අගලකඩ සිරිසුමන හිමියන් ප්‍රමුඛ බෞද්ධ හිමිවරුන් පිරිසක් අප්‍රියෙල් 12 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා බිමට එක් වුණා.
ඒ නීතිඥයනුත් එම අරගල බිමට සහභාගී වූ අවස්ථාවේ, ඊට සමගාමීව.
මෙම අරගලය කිසිවෙකුට අයිති නැතත්, මීට පෙර එයට සහභාගී වූ කතෝලික හිමිවරුන් සහ මුස්ලිම් භක්තිකයන් පිරිසක් හුවා දක්වමින් ඒ සම්පූර්ණ වැඩේට ජාතිවාදී අර්ථකතනයක් එල්ල කරන්න ඩෑන් ප්‍රියසාධුත්, තව සාධුලාත් පිරිසක් අප්‍රියෙල් 12 වැනිදා උත්සාහ කළා.
එදිනම බෞද්ධ හිමිවරුන් විශාල පිරිසක් අරගල බිමට වැඩම කිරීම සංකේතාත්මකව වැදගත්. හිමිවරුන් දේශපාලනය නොකළ යුතුයි කියා අප කියන්නේ නෑ. හිමිවරුන්ටත්, වෙන ඕනෑ ආගමික නායකයෙක්ටත්, ඕනෑම කෙනෙක්ටත් දේශපාලනයේ යෙදීමේ සැබෑ අයිතිවාසිකමක් තිබෙනවා. පුරවැසියන් ලෙස හැමෝටම තියෙන බලය අපි පාවිච්චි කරන්න ඕනෑ.
එහෙත්, ලංකාවේ ඇතැම් හිමිවරුන් චීවරය පාවිච්චි කරමින් නපුරු, දුෂ්ඨ දේශපාලනඥයන් රැකගත්ත නිසා තමයි මෑතකාලීනව සමාජය තුළ බෞද්ධ හිමිවරුන් ගැන විරෝධයක් මතු වෙලා තිබුණේ.
