ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නියෝජනය කරන 16 දෙනෙකු අතර පැවති සාකච්ඡාවේදී දැන් පවතින විරෝධතා ගණන් නොගෙන දිගටම බලයේ ඉන්න බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවාලු.
තමන්ගේ ඉදිරි සැලසුම් ගැන ඒ කණ්ඩායමට කිසිවක් ඍජුව කීවේ නැතත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් පවතින උද්ඝෝෂණ එතරම් ගණන් නොගත යුතු බව කීවාලු.
ලංකා ඉතිහාසයේ මීටත් වඩා ලොකු උද්ඝෝෂන තියෙද්දී ආණ්ඩු බලයේ හිටපු අය ගැන කීවාලු. ඒ කියන්නේ පැය 50 ඉක්මවන දීර්ඝ අඛණ්ඩ විරෝධතාවක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ තිබියදීත්, ඒක ලොකු මදිලු.
අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන එම පක්ෂ පැත්තෙන් යෝජනා කරලා තිබුණා. එහෙත් එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා එකඟතාවක් ඇති වෙලා නැහැ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර,,ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ,ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,අසංක නවරත්න,යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් එතැන හිටියා.
ඉදිරි දින කිහිපයේදීම රටේ අනාගතය ගැන සාකච්ඡා පවත්වන බව ඒවාට සහභාගී වූ නායකෙයකු කීවා.