දෝෂාභියෝගයට අස්සන් කළොත්, පොහොට්ටුවෙන් අපේ පක්ෂ දියකරයි! කට්ටිය කඩාගනීවි! – විමල් පිළේ මතය

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ විමල් වීරවංශලාගේ පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන අය සමගි ජන බලවේගය විසින් මේ වන විට සූදානම් කරන විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අත්සන් නොකරන බව ඒ පිළේ නායකයෙකු අපි එක්ක කීවා.

ඒකට හේතුව විදියට කීවේ ඒවාට අත්සන් කළොත් තමන්ගේ කණ්ඩායම්වල සිටින අයගෙන් පිරිසක් කැඩී නැවත ආණ්ඩුවට එකතු වෙන්නට ඉඩක් තිබෙන බව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැත්තෙන් ස්වාධීන වූ පිළෙන් පිරිස් කඩා ගැනීමේ ඉඩක් තිබෙන බවත්, එයට සැලසුම් පවතින බවත් එම ස්වාධීන වූ පිරිස සැක කරනවා. ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාවත් ආරක්ෂා කරමින් විසඳුම් යෝජනා කරන්නට ඔවුන් උත්සාහ කරනවා.

ඒ අනුව දැන් පවතින තත්වය හමුවේ ආණ්ඩුවෙන් ස්වාධීන වුණත් එම කණ්ඩායමේ සියලු දෙනා ආණ්ඩුවට විරුද්ධව ඍජු පියවරකට යන්නේ නැති බව ඒ නායකයා ප්‍රකාශ කළා.

ඒ අනුව අප්‍රියෙල් 10 වැනිදා විපක්ෂ නායක සජිත් පේ‍ර්මදාස සහ එම නායකයන් අතර සාකච්ඡාවක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේ තිබුණත්, විශ්වාසභංගය හෝ දෝෂාභියෝගය ගැන එකඟතාවකට ආවේ නැහැලු.

ඉදිරි දින කිහිපයේදීම රටේ අනාගතය ගැන සාකච්ඡා පවත්වන බව ඒවාට සහභාගී වූ නායකෙයකු කීවා.