සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අප්‍රේල් 10 උදෑසන රැස් වී දෝෂාභියෝගය සහ විශ්වාසභංගය ඉදිරියට ගෙනයෑමට තීන්දු කරලා. ඒ අනුව ඒ දෙකට අත්සන් ගන්නට පටන් ගනීවි.
විපක්ෂ නායක කාර්යාලයේදී එම කණ්ඩායම රැස් වුණා.
දැනට ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම් දෝෂාභියෝගයට සහ විශ්වාසභංගයට කැමැත්ත පළ කරලා තිබෙනවාලු.
දෝෂාභියෝගය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව. විශ්වාසභංගය සමස්ත ආණ්ඩුවට එරෙහිව.
විශ්වාසභංගය හෝ දෝෂාභියෝගයට අත්සන් ලබාගැනීමෙන් පසු, ඊළඟ පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායකවරයාට භාර දෙන බවත්, ඒ අනුව ඊළඟ පාර්ලිමේන්තුවේදී එම යෝජනා විභාගය ගැනීමට නියමිත බවත් එම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරයෙකු කීවා.
මීට පෙර මහජන විරෝධතා ආරම්භ වී සතියක් තිස්සේ පාර්ලිමේන්තුව රැස් වුණත් දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංගයක් සඳහා සජිත් පේර්මදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නායකයන් පියවර ගත්තේ නෑ.