රාජපක්ෂලාගේ මව නමින් නම් කළ මාර්ගය ජනතාව වෙනස් කරලා

ඇඹිලිපිටිය ප්‍රදේශයේ මහින්ද, ගෝඨාභය,බැසිල් සහ චමල් රාජපක්ෂ මහත්වරුන්ගේ මව වන දෝන දන්දිනා රාජපක්ෂ නමින් නම් කර තිබුණු මාර්ගයක් පෙර තිබු නම යොදා වෙනස් කර එම මාර්ගය ජනතා බදු මුදලින් සාදන ලද මාර්ගයක් ලෙස නම් කර ඇත.

අදාල නම වෙනස් කර පෙර තිබු ‘කොන්ක්‍රීඩ් යාඩ් මාර්ගය’ නමින් වෙනස් කර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෑණියන් වන දෝන දන්දිනා සමරසිංහ මහත්මියගේ ගුණ සමරු උත්සවයක් 2021 වසරේ නොවැම්බර් මස පවත්වා තිබුණි. එම අවස්තාවට සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , ශිරන්ති රාජපක්ෂ මහත්මිය, චමල් රාජපක්ෂ මහතා සහභාගී වී තිබුණි.