නිරෝධායන නීති කැඩූ චන්දිමාල්, පියුමි ඇතුළු 18කට දඩ

නිරෝධායන නීති කඩ කරමින් කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ පවත්වන ලද උපන්දින සාදයට සහභාගි වූ බව කියන රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි, මාධවී ඇන්තනී ඇතුළු විසි දෙනකු අතුරින් 18 දෙනකුට වරද පිළිගැනීම හේතුවෙන් රුපියල් 2000 බැගින් දඩ මුදල් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අප්‍රේල් 08 වන දින නියම කර ඇත.

නඩුව කැඳවන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනකු විවෘත අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ට වරෙන්තු නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.