නීතිඥ සංගමේ දැන් සභාපති මිනිසුන්ගෙන් වැඳුම් ලබද්දී, හිටපු සභාපති රෙදි නැතිව ගෝඨාට කඩේ යයි!

නීතිඥ සංගමයේ හිටපු සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඉරිදා ලංකාදීපයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ වෙද්දී මහමග සිටින විරෝධතාකරුවන් හෑල්ලු කරන අදහස් මෙන්ම, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිබඳ වැරදි මත සමාජගත කරන අදහස් දක්වා තිබෙනවා.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරුණු එක්ක අදහස් දක්වමින් ඔහු කියා තිබෙන්නේ වත්මන් ජනාධිපති ඉල්ලා අස් වුවහොත් අගමැතිට මාසයක් වැඩ බලන්නට සිදු වන බවත්, ඔහු ජනාධිපති ධුරය සඳහා නුසුදුස්සෙක් වන නිසා කථානායකවරයාට වැඩ බලන්නට සිදු වන බවත්, ඒ වගේම මාසයක් ඇතුළත අලුත් ජනාධිපතිවරයෙක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය වෙනුවෙන් පත් කරන්නට සිදු වන බවත් පෙන්වාදීලා. ඔහුගේ එම අදහස් කරුණු විදියට හරි. එහෙත් ඉන්පසුව,

‘මගේ අදහස අනුව මේ අවස්ථාවේ කළ යුත්තෙ ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරන එක ගැන කතා කරන එක නෙවෙයි. ජනාධිපතිගෙ ධුර කාලය ඉවර වෙනකන් ජනාධිපතිවරණයක් තියන්න බැරි නිසා ජනතාව වෙනුවෙන් සෙව්ය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලය මාස හයකට හෝ අවුරුද්දකට සියලු පක්ෂ නියෝජනය වෙන පරිදි සකස් කරගන්න කියන එකයි අපි මේ අවස්ථාවේ කළ යුත්තේ.’ යනුවෙන් ඔහු කියා තිබෙනවා.

ඒ අනුව මේ වෙලාවේ පොදුජන ඉල්ලීම පස්සට දමා ජනාධිපතිවරයාව පුටුවේ තියාගන්න තැනට කතා කරලා. ඇත්තටම මේ වෙලාවේ දැන් ඉන්න ජනාධිපතිවරයා එක්ක ගත්තොත් ඊට හොඳ කෙනෙක් පාර්ලිමේන්තුව තුළින් හොයා ගන්නත් බැරි නෑ.

ඊටත් අමතරව පොදුජන විරෝධය හෑල්ලු කරමින්, ඔහු එහිදී මේ තරුණයන්ගේ ස්වෙච්ඡා විරෝධතා පිටරට සිටින ‘වෛද්‍යවරයෙකු’ සංවිධානය කළ එකක් බවත් කියා තිබුණා.