දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.
දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුක් හදිසියේ අසනීපව අප්‍රේල් 09 දින මියගොස් ඇති බව පොලිසිය පවසා ඇත.
දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත.