ලංකාවේ මේ වන විට ඇති වී ඇති ආර්ථික අර්බුදය නිසා තමන්ට ලංකාවේ ජිවත් වීමට නොහැකි බව පවසමින් ශ්‍රි ලාංකීය දමිළ පුද්ගලයන් 16 දෙනෙකු මේ වන විට බෝට්ටුවලන් ඉන්දියාවට ගොස් ඇති අතර ඉන්දීයාවේ සරණාගතබව ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
අදාල පුද්ගලයන් කණ්ඩායම් දෙකක් වශයෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ තීරයට ගොස් ඇත. මන්ඩපලම් මැරීන් වෙරළ පොලිසිය එම පිරිස් මේ වන විට මන්ඩපලම් සරණාගාත කඳවුරේ රඳවා තබා ඇති බව වාර්තා වල සදහන් කර ඇත.
ඉන්දියාව වෙත ගිය මෙසේ පුද්ගලයෙකු ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.
‘ අපි ධිවරයෝ. දවසකට අපිට ධිවර රැකියාව කරන්න භූමිතෙල් ලීටර් 10යි ගන්න පුලුවන්. ඒ තෙල්වලින් අපිට ධිවර රැකියාව කරන්න බැහැ. ඒ නිසා මේසන් වැඩ කරන්න පටන් ගත්තා. ඒත් ඉන්පස්සේ ලංකාවේ විදුලිය කපන්න ගත්තා. ඒ නිසා ඒ රැකියාවත් හරියාකාරයෙන් කරගන්න බැරි වුණා. ලංකාවේ අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. ලංකාවේ ආර්ථික අර්බුදය කවදා ඉවරවෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්දියාවට ආවේ.’