ගාලුමුවදොර පිටිය යලි විවෘත කිරීමට නම් තවත් මාස 2 කට ආසන්න කාලයක් ගත වේ යැයි වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න පැවසීය.
ගාලුමුවදොරපිටියේ තණකොළ යලි ගලවා එම නඩත්තු කටයුතු කරගෙන යන බවත් තණකොළවලට වතුර සැපයීමට අවශ්‍ය නල මාර්ග සකස් කරමින් යන බවත් ඒ මහතා පැවසීය.
ගාලුමුවදොරපිටියට පැමිණෙන ජනතාවට අවශ්‍ය කරන වැසිකිලි පහසුකම් අලුත්වැඩියා කරමින් පවතින බැවිත් මෙසේ ගාලුමුවදොරපිටිය වසා දැමූ බවත් ඒ මහතා පැවසීය.
මාස 4ක සිට මෙම නඩත්තු කටයුතු කරමින් පවතින බවත් ඒ මහතා පැවසීය.
අදාල අලුත්වැඩියා කටයුතු සිදු කරන්නේ ශ්‍රි ලංකා නාවික හමුදා නිලධාරීන් බවත් ඒ මහතා පැවසීය.
මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක නඩත්තු කටයුත්තක් වෙනුවෙන් මුදල් වැය කිරීම සුදුසුද යන්න අප නැගූ ප්‍රශ්ණයට පිලිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
‘ ආර්ථික ප්‍රශ්න තිබුණා කියලා රට නවතින්නේ නැහැ නේ. ආර්ථික ප්‍රශ්න හැම තැනම තියෙනවා. අපේ රටේ දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රටින් එළියට ඩොලර් යන නිසානේ. රට ඇතුලේ මිනිස්සු ටික එකතු වෙලා තණකොළ ටික මේවා කරලා, ඒක හදාගෙන යන එක ඒකට ගැටලුවක් නෙවෙයිනේ. රටට ආනායනය කරන්නනේ ප්‍රශ්නයක් තියෙන්නේ. ආර්ථික ප්‍රශ්ණයක් දැන් තියනවා කියන එක වැරදියිනේ. රටේ ස්ටොක් මාකට් එක බලන්නකෝ. ස්ටොක් මාකට් එක දවස ගානේ වැඩිවෙනවා නේ. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා නම් ස්ටොක් මාකට් එක දවස ගානේ වැඩිවෙන්නේ නැහැ නේ. දැන් තියෙන්නේ තෙල් ගෙන්වන්න බැරි ප්‍රශ්නයක්. අපි කොහොමත් වරාය අධිකාරිය හැටියට කරන වැඩ ටික අපි කොහොමත් කරගෙන යනවා.’