මුදල් ඇමැතිධුරය භාර ගැනීමට සුදුසු කෙනෙකු සිටී නම් ඒ සඳහා ඉදිරිපත් වීමට තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළද කිසිදු අයෙකු ඒ සඳහා ඉදිරිපත් නොවූ බැවින් තමන් මුදල් ඇමැති ලෙස කටයුතු කරන බව අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පවසා තිබුණි.
අප්‍රේල් 08 දින අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ පවසා තිබුණි.
මෙම තීරණය හේතුවෙන් තමා දේශපාලන වශයෙන් අපකීර්තියට ලක්වුවද ජනාධිපති සහ පක්‍ෂය අත් නොහැර ඉදිරි කටයුතු කරන බවත් ඒ මහතා පවසා තිබුණි.
‘ජනාධිපතිවරයා අවංක අයෙක් සමහර විට නිලධාරීන්ගෙන් වැරදි උපදෙස් ලැබෙන්න ඇති, එහෙත් ජනාධිපති දුන් පොරොන්දු ඉටු කිරීමට කැපවනවා’