තමන් ශ්‍රී ලංකාව අත්හැර යන්නේ නැති බවත් තමන්ට විරුද්ධව ඇති චෝදනා සියල්ලටම පිලිතුරු ලබා දෙන බවත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඩේලිමිරර් වෙබ් අඩවියට පවසා ඇත.
ශ්‍රි ලංකා මහබැංකු අධිපතිධුරයෙන් ඉල්ලා අස් වී තමන් ශ්‍රී ලංකාව අත්හැර වෙනත් රටකට පලා ගොස් ඇති බවට පැතිර යන කටකතා අසත්‍යක් බවත් මහබැංකු අධිපතිධූරයෙන් ඉවත් ව වෙනත් රටවල පදිංචියට ගිය නිලධාරීන් මෙන් තමන් නොයන බවත් ඔහු පවසා ඇත.
‘මේ ආකාරයේ ද්වේෂසහගත චෝදනා සම්බන්ධයෙන් සන්සුන්ව, ගෞරවාන්විතව සහ වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කර ඇති අතර මෙම අවස්ථාවේදීත් සන්සුන්ව කටයුතු කරන බවත් ඒ මහතා පවසා තිබුණි.
පසුගිය 07 වන දින අජිත් නිවාඩ් මහතාට අප්‍රේල් 18 දක්වා රටින් පිටවීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණි. තවද ඒ මහතාට අප්‍රේල් 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා නොතීසි ද නිකුත් කර තිබුණි.