වර්තමානයේ උද්ගතවී ඇති තත්ත්වයට තමන් වග කිව යුතු නැති බවත්, ඊට වගකිව යුත්තේ භාණ්ඩාගාරය භාරව සිටි පිරිස බවත් හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
තම විරෝධය නොතකා ආණ්ඩුව වැරදි තීන්දු තීරණ ගත් බවත්, සෞභ්‍යාග්‍යයේ දැක්ම පෙන්වමින් වෙනත් ගමනක් යන බවත් ඔහු කීවේය.
‘මේ උද්ගතවී ඇති තත්ත්වය ගැන අපි වගකියන්නේ නෑ. භාණ්ඩාගාරය භාරව හිටපු අය වගකිව යුතුයි. අපි විරුද්ධ වුණා හාල්මෝල් කාරයන්ට ඉඩ දීලා ආණ්ඩුව අකුලගන්නකොට. හාල්වල මිල 150 දක්වා වැඩිවෙනකොට. අපි විරුද්ධ වුණා සීනි ජාවාරම්කාරයො අඩුකරපු බදු මිල ගසාකනකොට ජනතාවට නොදී. අපිවිරුද්ධ වුණා වැට්බද්ද පැහැරගනිද්දි. අපිට පෙනී ගියා විරුද්ධත්වයෙන් වැඩක් නෑ. ආණ්ඩුවේ ගමන යනවා. අපි බැරි වෙලාවේ දුවන මිනිස්සු නෙමෙයි. අපි සෞභාග්‍යයේ දැක්මට අවසන් හුස්ම වෙනකම් ඉන්නවා. නමුත් සෞභාග්‍යයේ දැක්ම ඉස්සරහට දාලා මේ පිට පාරක යන්න හදන ගමනට අපිව හවුල්කරගන්න බෑ කියලා සබ්රි ඇමැතිතුමාට කියන්න කැමතියි. ‘
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වාරයක් ලංකාවේ මැදිහත් වෙලා තියෙනවා. මේ මැදිහත්වීම්වල අවසාන ප්‍රතිඵලයද මේ අත්දකින්නේ? ඒ මැදිහත්වීම් මොනවද? ඒවගේ ප්‍රතිඵල මොනවද? ‘ ‘ආර්ථික අර්බුදය ඉදිරියේ තිත්ත බෙහෙත් බොන්න වෙනවාලු. කාටද බොන්න වේනනේ? කාටද වේදනා විඳින්න වේනනේ? මේ මන්ත්‍රීතුමන්ලටද? නෑ. වැටුපකින් ජීවත් වෙන මිනිස්සුන්ට. මන්දපෝෂණය වැඩි වෙනවා. සියයට 70ක් ජනතාව දුගී භාවයෙන් ඉන්නේ. ‘
‘මේ ණය ගෙවීම නවත්වලා අපේ මිනිස්සුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කර්මාන්තවලට ඔ්න ද්‍රව්‍ය ලබා දෙමු. තෙල් ලබා දෙමු. තෙල් භාවිතව අඩු කරමු. විදුලිය පෝසත් අයටත් දෙනවා කොම්පැණිවලටත් සහනාධාරව දෙනවා. ඒවා නවත්වමු.’